සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමය ළඟදීම වෙනස් කිරිමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
වීසා ගාස්තු සංශෝධනය කර වීසා යටතේ කටයුතු කරන බව ආගමන විගමන පාලක එම්.එන්.රණසිංහ මහතා පැවසීය.
මේ සඳහා නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ළඟදීම නිකුත් කරන බව කී ආගමන විගමන පාලකවරයා නව රෙගුලාසි නීතිපතිවරයාගේ අනුමැතියට යවා ඇතැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමය දිගු කලකින් යාවත්කාලීනවී නැතැයි ආගමන විගමන දෙපාර්මේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමන සහ විගමන යන දෙකේදීම ඇඟිලි සළකුණු ලබා නොගන්න එකම රට ලංකාවයි. මොකද ඒ හොරුන්ට, පාතාලයින්ට රටින් පනින්න ලේසි වෙන්න තමා...
දැනට ඔන් ලයින් ක්‍රමය යටතේ දෙන මාසයක වීසා එක මාස 3ක් කර අය කරන මුදල 3ගුණයක් කරන්න කියලා යෝජනාවක් මගෙන්.. මේ යෝජනාව මගේ පමණක් නොවෙයි විදේශයන්හි සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශ සංචරකයින්ගේද අදහසකි..
දේශපාලුවන්ගේ පැවැත්මට පාතාලය අත්‍යවශ්‍යවේ
මොනවා හරි කරලා අන්තිමේදී ගාස්තුව වැඩි කරන එක විතරයි කරන්නේ....
බදු ගහන්න බැරි වෙච්ච තවත් තියෙනවද?
කවුද අනේ ලංකාවට එන්නේ... සල්ලි දීල විසා අරන් මෙහෙම ගියොත් ?
මෙහෙම ගියොත් ලංකාව විදේශිකයන්ගෙන් උතුරාවි මාලදිවයින පොඩි දිවයින වලට යන එකක් නැහැ අපේ රටටම ඒවි අපේ ලංකාව තවත් පොහොසත් වේවි. තව කනවා මගේ සුන්දර රට.
සෙනෙවිරත්න විජිත් වෙත ඔබට ගොඩක් බුද්ධියක් තියෙනවා. ඔබ පිටරටකට අඩියක් වත් තියෙන්න නැතුව ඇති ඒකයි ඔහොම කතා කරන්නේ ඔබ වගේ අය තමයි රට තවත් පහලටම දාන්නේ