(ඩයනා උදයංගනී)

දිවයින පුරා ප‍්‍රදේශවලට  බලපා ඇති වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර,  වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

අනෙකුත් පළාත්වලට   පස්වරු 2.00න් පමණ පසු වැසි ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.