IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වැස්සෙන් රත්නපුරේ 24,625ක් අවතැන්


 
(අජිත්ලාල් ශාන්තඋදය)


කලුගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළ යමින් ගංවතුර තර්ජනය පහව යන තත්වයක් අද (23) දහවල් වනවිට වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


එහෙත් මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක ග‍්‍රාම නිලධාරී වසම් 189ක පවුල් පවුල් 6133ක පුද්ගලයින් 24625ක් අවතැන්ව ඇතිබව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 


මෙම පිරිසෙන් පවුල් 1961ක පුද්ගලයින් 7861ක් සිය නෑ ගෙවල්වල රැදී සිටින බව පැවසුවාය. ඊට අමතරව පවුල් 493ක පුද්ගලියන් 1951 දෙනෙක් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල ආරක්‍ෂිතව රඳවා ඇති බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.


නිවාස හයක් පූර්ණ ලෙස හානි සිදුව ඇති අතර නිවාස 139කට අර්ධ හානි සිදු ඇති බවත් වෙනත් දේපොළ 156කට හානි සිදුව ඇති බවත් දිස්ත‍්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.


මේ අතර අද (23) දහවල් වනවිට කලූගඟේ රත්නපුර, මුවගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 6.4ක් ලෙස සටහන්ව තිබූ බව රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා කීවේ ය. මෙය පිටාර මට්ටමින් ද පහළ තත්ත්වයකි.


ගංවතුරින් යටව තිබූ බොහෝ පහත්බිම් මාර්ගවල ද ජලය බැසියමින් පැවතුණි. ගං වතුරට යට වූ නිවාස වතුර බැසයාමත් සමඟ පිරිසිදු කිරීමේ කටයුතු නිවැසියන් විසින් සිදුකරනු දැකගත හැකිවිය. සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින අයද ගං වතුර බැසයාමත් සමඟ සිය නිවෙස් කරා යමින් සිටිති.



අදහස් (1)

වැස්සෙන් රත්නපුරේ 24,625ක් අවතැන්

නිමල් Wednesday, 23 May 2018 10:38 AM

අනේ පව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 69 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site