IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


වැස්සෙන් මරණ 6ක්: කතක් අතුරුදන්:17,000ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ගං වතුරට හසුවීමෙන් ඉකුත් දෙදින තුළ හය දෙනෙකු මියගොස් ඇති අතර තවත් අයෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප‍්‍රදේශ ගණනාවකට ගං වතුර තත්ත්වයක් ඇති වී ඇති  අතර මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්ටය.

එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් 4,603කට පමණ අයත් 17,372 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර, බණ්ඩාරගම, මතුගම, පාලින්දනුවර, දොඩන්ගොඩ, හොරණ, අගලවත්ත, මිල්ලනිය, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, මදුරවෙල, බේරුවල සහ පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1,385කට අයත් 5,227 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන, නියාගම, යක්කලමුල්ල, බද්දේගම, තවලම, හබරාදූව, නාගොඩ, කඩවත්සතර, ඉමදූව, ඇල්පිටිය, වැලිවිට දිවිතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 2,292කට අයත් පුද්ගලයින් 8,445 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

කොළඹ දිස්ත‍්‍රික්කයේ මොරටුව ප‍්‍රදේශයේද පවුල් 926කට අයත් 3,700ක් පමණ ගං වතුරින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව තද සුළං සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක නිවාසවලට හානි සිදුව තිබේ.

වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ලේදොල, ඔලගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙකු අද (6) දිනයේදී ගංවතුරට හසුවී අතුරුදහන් වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු හමු වී ඇතැයි වාර්තා වේ.

ඔවුන් අතුරින් එක් කාන්තාවත් තවමත් අරුදන්ව සිටී. 

මතුගම ඇල්ල පාර, වෑත්තෑව මතුගම ඇල මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලදී සැඩපහරට හසුවීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

ගාල්ල  වඳුරඹ ඌරල ප‍්‍රදේශයේ  පදිංචිව සිටි හැට එක් හැවිරිදි සිව් දරු පියෙක් ද අද  (6)  සවස ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි අතර ඔහුගේ සිරුර අද (7) දහවල් සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මොරටුව ප‍්‍රදේශයේ දීද වලිප්පුව වැලදුණු  රෝගීයෙකු වතුරට වැටීමෙන් මියගොස් ඇත. 

මෙම තත්ත්වයන් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බව ද එම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 



අදහස් (0)

වැස්සෙන් මරණ 6ක්: කතක් අතුරුදන්:17,000ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site