(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ, නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස් ඕපානායක මහතා පැවසීය.
මේ දිනවල පාසල් නිවාඩුව පවතින හෙයින් ඉකුත් සිකුරාදා (24) හා සෙනසුරාදා (25) අධිවේගී මාර්ගයේ ධාවය වූ වාහන ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ බව ද ඔහු කීවේය. එහි ආදායම මිලියන 30කට ආසන්න වූ බව ද ඕපනායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අදායම නොම්මර වලින් නම් ලොකු ගණනක්. ඒ වුනත් ඔය අධි වේගේ හදන්න වියදම් කලේ ණයට ගත්තු විදේශ මුදල්. ඒ මුදල ගෙවන්න වෙන්නෙත් විදේශ මුදලින්මයි. නමුත් ඔය හොයල තියෙන්නේ අපේ රටේ තියෙන නොකඩවාම අගය අඩුවෙන රුපියල් වලින්. අඩු තරමින් අලුතින් කර්මාන්ත ආරම්භ කරන්න ඇති තරම් ඉගම් තියෙන ජනාකීර්ණ නැති ප්‍රදේසේකට අධිවෙගෙන් පිටවෙන ඇතුලුවෙන පිවිසුමක්වත් හැදුවොත්? මහා නගර වලට විතරක්ම පිවිසුම් දානවට අමතරව. අන්න එදාට ඔය අධිවෙගෙන් අපේ ආර්තිකෙට හොඳ තල්ලුවක් ලැබෙයි.
පම්පෝරි ගහලා වැඩක් නැහැ. ඕවා වලින් චීන්නුන්ට ණය වාරික ගෙවන්න බැහැ. කොරියාවේ වැඩ කරන අපේ කොල්ලෝ, මැදපෙරදිග වලින් හෝදන රට විරුවරියන් එවන සල්ලි වලින් චීන්නුන්ට ගෙවන්න ඕනේ. මෙයයි තිත්ත ඇත්ත.
චීනෙන් ගත්තු ණය ගෙවන්න හදපු ප්ලෑන් එකත් බලල කොමෙන්ට් දාන්න. අනික කොරියාව, මැදපෙරදිග විතරක් නෙමේ අපේ අය වැඩ කරන්නේ. අනිත් රටවල ඉන්න අය එවන ගණන් එක්ක ඔය කොරියාවෙන් එන ගානත් කොච්චරද කියල බලන්න. රටක් දියුණුවෙන්න, පාරවල් මුලිකව බලපානවා....ඉගෙන ගන්න. හැදුවේ කවුද කියල, නයටද හැදුවේ කියල ගොන් තර්ක දාන්නේ නැතුව.
හලෝ චීනගේ ණය ගෙවන එක කොහොම උනත් රජයේ සේවකයින්ගේ පඩිනඩි ගෙවන්න දායක පුළුවන් නේද? ගත්ත ණය ගැනමයි කතාව අවුරුද්දකට රුපියල් කොටි 600 ආදායමක් ලැබෙන ව්‍යාපෘතිය ගැන කතාව නැහැ. මේ ගොල්ලෝ රටක ජීවත්විය යුතු මිනිස්සු නොවෙයි අසුභ වාදීන්.
ඕක නඩත්තු කරන්න කොච්චර ගියාද කියලත් හොයල දාන්න. ආදායම ගැන විතරක් දැම්මට වැඩක් නෑ. ඒක හරියට පඩිය බලල ටැක්ස් ගහනවා වගේ. එක පඩියෙන් කිදෙනෙක් යැපෙනවද කියල බලන්නෑ නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයට ණය ගත්තේ ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්.
අපේම සල්ලි වලින් ණය ගෙවන්න ආධාර අරගෙන මේක හදලා , පාවිච්චි කරනවට අපෙන් සල්ලි අරන් , දෑන් කියනව මෙච්චර ආදායමක් ලෑබුවා කියලා. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කෑපුව වගේ තමයි
ඕවා අපේ අදායම් නොවෙයි. අදායම් වලින් වැඩි කොටසක් චීනෙට.
ඔච්චර අාදායමක් තිබුණත් මොකද අවුරුදු 3ක් ගතවෙලත් තවම කඩවත ඉඳලා එක කිලෝමීටරයක්වත් දිගුකරගන්න බැරිව දඟලන්නේ ඕක කරවන මිනිස්සුන්ගේ නොහැකියාව නිසාද? හොරකම් කළා කියලා චෝදනා කළත් මහින්ද මහත්මයගේ කාලේ අවුරුද්දකට කිලෝමීටර් 5 -10ක් තනා නිමකර විවෘත කළා. අඩුම තරමේ ඕක මීගමු පාරටවත් සම්බන්ධ කරගන්න ලැබුනොත් ගුවන්තොටුපලේ සිට දකුණට යන මිනිසුන්ට විනාඩි 30-45 අතර කාලයක් ඉතුරු වෙනවා. කොළඹ තදබදයත් අඩුවෙනවා. ඉස්සර එජාපෙ හිටිය ජයවර්ධන, ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ප්‍රේමදාස මහත්මයා වැනි නායකයින් අවුරුදු 30 කින් නිම කරන්න සැලසුම් කරලා තිබුණු මහවැලි වැනි විශාල ව්‍යාපෘති අවුරුදු 5න් නිමකළා. අද ඉන්න මිනිස්සුන්ට වේදිකාවක මිනිස්සුන්ගේ හදවතට දැනෙන ආකාරයට කතාවක්වත් පවත්වාගන්න බැහැ.
අපි අධිවේගී මාර්ගය වර්ජනය කරමු .
මේ ප්‍රතිචාර බලපු කෙනෙක් කවදාවත් හයිවේ යනෙකක් නැහැ .
අධිවේගී මාර්ග හැදුවේ නයට අරගෙන උනත්, ඒකෙන් උණු වාසිය ගැන මේ ලිං මැඩියෝ හිතන්නේ නැහැ.
තාත්තා නිවාස නය බැංකු ණය අරගෙන හොඳ ගෙයක් හදලා දුන්නාම ඒ ගෙය බුක්ති විඳින ගමන් පුතාල කියනවා අපේ තාත්තා බැංකුවලට ණය උනානේ. මෙහෙම පුතාලට කියන්න ඕනේ අර කාගේද පුතාල කියලා.
අධිවේගී මාර්ගය කියන්නේ අර මත්තල ගුවන්තොටුපල වගේ මුදල් කාබාසිනියා කරන වියාපෘතියක් නොව ආදායම් උපදවන දෙයකි. ඕක සැලසුම් කර ආරම්භ කලේ චන්ද්‍රිකාගේ කාලේ... නමුත් මහින්දගේ කාලේ ඉදිකිරිම කඩිනම් කළා. කවුරු කවුරු හරි හොරකම් කරගත්ත එකත් ඇත්ත... නමුත් මහින්ද නැත්නම් සමහරවිට ඕක තව විවෘත කරගන්න බැරුව ඉන්න තිබුණා. මහින්දගෙන් පස්සේ තවම ඕකේ එක අඟලක් විවෘත්ත කරගන්න බැරිවුණා. මහින්දගේ කාලේ වසරකට කිලෝමීටර් 5-10 වත් විවෘත්ත කළා.
ඉදිරියට ඔය අධිවේගේ හදනකොට එකවර ඩොලර් වලින් විශාල ණයක් අරන් කිලෝමීටර් 100ක් විතර හදන්නේ නැතුව, රජ්‍ය බැංකුවකින් ණයක් අරන් වර්ෂයකට කිලෝමීටර් 5-10ක් විතර හදන්න. එහෙම කළාම විශාල වශයෙන් හොරකම් කිරීම අපහසු වන නිසා නාස්තිය අවම වෙනවා. ඒ වගේම එම කොටස වාර්ෂිකව ජනතාව භාවිතා කරන නිසා එමගින් අාදායමක් ලැබෙනවා. ඩොලර් වලින් ණය ගත්තාම රුපියල හැමදාම වැටෙන නිසා ගෙවනකොට කිහිප ගුණයකින් ණය ගෙවන්න වෙනවා. රාජ්‍ය බැංකුවකින් ගත්තම මේ සල්ලි ලංකාවේම ඉතුරුවේ. ජර්මනියේ තිබෙන අධිවේගී මාර්ගත් අවුරුදු 70 -80 විතර කලක් සිට කොටස් වශයෙන් හදපුවා.. අදද එයට කොටස් එකතුවේ.
ඔන්න ඔය අධිවේගී මාර්ග හැදීම වහාම නතරකරන්න. පිටරටින් අධික පොලියට ණය අරගෙන ඕවා හදන්නේ ධනපතීන්ගේ සුවපහසු වාහන සඳහා කියලා පහුගිය දිනවල කවුදෝ දේශපාලුවෙක් කිවුවා.