IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරයට

(දිල්රුක්ෂි ග්‍රේරු ) 


මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු  වාහනයක හප්පා  තුවාල සිදු කර පැහැරගෙන ගොස්  ගිනි තබා  ඝාතනය කළැයි චෝදනාවකට වසර පහළොවකට පසු අත්අඩංගුවටගත් පුද්ගලයකු ලබන මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සජේන්ද්‍ර ජයසුරිය මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ මීගමුවේ පදිංචි  අබ්දුල් රහුමාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයා සහ සැකකරු අතර ඇති වු පෞද්ගලික ආරවුලක් මත 2003 වසරේදී මෙම ඝාතනය සිදු වී  තිබේ.

සැකකරු ඔහුගේ වාහනයකට ඝාතනයට ලක් වු පුද්ගලයා යටකර තුවාල සිදු කිරීමෙන් අනතුරුව එම වාහනයේම කුලියාපිටිය ප්‍රදේශයට රැගෙන ගොස්  ගිනි තබා ඝාතනය කර ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබු අතර ඝාතනයට ලක්වු පුද්ලයාගේ ඥාතියකුගේ පැමිණිල්ලක් මත කොච්චිකඩේ පොලීසිය  පරීක්ෂණ අරඹා තිබිණි.

පරීක්ෂණ අනුව  ඝාතකයා කවුරුන්දැයි තොරතුරු අනාරණය වී තිබුණද ඝාතකයා රටින් පැන ගොස් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වසර පහළොවක් යනතුරු නොහැකි වී ඇති අතර ඔහු නැවත  මෙරරට පැමිණ සිටි න බවට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු කොච්චිකඩේ පොලීසිය සැකකරුඅත්අඩංගුවට ගෙන  මීගමුව පොලීසියට භාර දී තිබිණි.

සැකකරු මීගමුව අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  මීගමුව පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සැකකරු 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


මීගමුව පොලිසීයේ  වැඩබලන ස්ථානාධිපති  කුලතුංග , කොස්තාපල්වරුන් වන  61038  නිමල් සහ 40290 රුවන් යන නිලධාරීන්  විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


 



අදහස් (0)

වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site