(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු වන හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (06) යළිත් සිතාසි නිකුත් කළේය.
තිළිණ ගමගේ මහතා , බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා විනිසුරුවරයා විසින් කියවා දුන් අවස්ථාවේදී එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරනු ලැබීය.
2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියෙකු ලඟ තබා ගැනීම සදහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශ්‍යයෙන් හදුන්වනු ලැබු අලි පැටවකු ලඟ තබා ගැනීම ඒ සදහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛණ 08ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
වනජීවී ඇමති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීයක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට එරෙහි චෝදනා විනිසුරුවරයා විසින් කියවා දුන් අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ වෙන වෙනම අධිකරණය හමුවේ පැවසුහ.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කොට සිටින හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් සිතාසි නිකුත් කිරීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසන්ත සේනානායකට සිතාසි
Mahee Wednesday, 06 November 2019 12:27 PM
කැබිනට් එකෙන් අනුමත වුණා කිව්වා නේද? අලි ඇතුන් ආපහු දීලා දාන්නත්, නඩු ඉල්ලා අස්කර ගන්නත්... අනේ අපේ නීතිය, අනේ අපේ සල්ලි, අනේ අපේ ආණ්ඩුව..!