IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වසන්ත ඔබේසේකර රඟමඩලින් සමුගනී

 අරණ එස් කුමාර

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (8) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය .

මිය යන විට ඔහු අසූවැනි වියේ පසු විය. විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරනයේ සුවිශේෂී සිනමාකරුවෙකු වන වසන්ත ඔබේසේකර මහතා ලංකා චිත්‍රපට නිෂ්පාදනයේ සුප්‍රසිද්ධ පුද්ගලයෙකි.

1958 ශ්‍රී ලංකා  විශ්ව විද්‍යාලයට ඇතුළු වු වසන්ත ඔබේසේකර 1962 දී විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඉතිහාසයට ගෞරව උපාධියක්ද ලබාගනිමින්ය. ගුරුවරයකු ලෙස සිය රැකියා ජීවිතය අරඹන ඔහු 1964 දිනමිණ පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළේය. 1971 ‘‘වෙස් ගත්තෝ’’ චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් කලා ජීවිතයට එක් වූ වසන්ත ඔබේ සේකරයන් සිනමා කෘති රසකට නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක විය.
වෙස් ගත්තෝ, වල්මත්වුවෝ, දියමන්ති, පළඟැටියෝ, දඩයම, කඩපතක, ඡායා මාරුතය, දොරක මාරාව, තීර්ත්‍ර යාත්‍රා, සළෙළු වරම, අසනීවර්ෂා, සෙව්වන්දි, ආගන්තුකයා ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතිය.  අධ්‍යක්ෂණයට සහ තිර රචනයට ජනධිපති සම්මාන හතක් පමණ හිමි වු අතර  නිර්මාණ හතරක සරසවි සම්මාන හිමි විය.



අදහස් (5)

වසන්ත ඔබේසේකර රඟමඩලින් සමුගනී

නන්දන ප්‍රියශාන්ත Saturday, 08 April 2017 07:18 AM

සිංහල සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කොට ජීවන රඟමඬලෙන් නික්ම යන ප්‍රවීන සිනමාවේදී වසන්ත ඔබේසේකර මැතිදුනි.... ඔබට අමා මහ නිවන් සුව අත්වේවා.....!!!

:       0       32

ranasinghe Saturday, 08 April 2017 07:40 AM

අපේ සිනමා අම්බරය බැබලවූ අතිශය දුර්ලභ තරුවක් නිවී යාම හද පාරවයි.. එතුමාට නිවන් සුවය ලැබේවා..

:       0       21

rohan Saturday, 08 April 2017 08:34 AM

කලාකරුවාණෙනි ඔබට නිවන්සුව !!!

:       0       20

pradeep Saturday, 08 April 2017 01:45 PM

ඉතා උසස් නිර්මාණ සිංහල සිනමාවට දායාද කළ, කලාකරුවාණෙනි ඔබට නිවන්සුව !

:       0       0

හේමන්ත Sunday, 09 April 2017 04:33 AM

අසාමාන්‍ය කලාකරුවාණෙනී ඔබට නිවන්සුව.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site