(නාලක සංජීව දහනායක)
ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා පාගමනට සහභාගී වූ ජනතාවට විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළතදී පරීක්‍ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිසම තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාදීපයට අද (20) පැවසුවාය.
විරෝධතා කරුවන්ට විෂ යෙදූ කිරි පැකට් බෙදාදීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි කළද පොලීසිය මෙතෙක් කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරිහු කණ්ඩායමක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
COMMENTS
ඕක සංවිධානය කෙරුවේ නාමල්. එයාගෙන් ඇහුවා නම් කියයි. මම හිතන්නේ කල් පැනපූ කිරි පැකට් තොගයක් කොහෙන් හරි ලාබෙට ලැබෙන්න ඇති .
උද්ඝෝෂණයෙන් පස්සේ දැන් තියෙන්නේ තමන්ගේ ආණ්ඩුව නේද?
අනේ හොදයි
මේක මහා පුදුම රටක්. මෙතුමිය එදා නීත්‍යානුකුලව පත්වූ රජයක් නීති විරෝධී ආකාරයට පෙරලන්න උද්ඝෝෂණ කරා පමණක් නොවෙයි ආණ්ඩු අරගෙන මිසක් ගෙදර නොයන බව පැවසුවා. එතුමියට ආණ්ඩුව තියා සියඹලාන්ඩුවවත් ගෙදර ගෙනියන්න බැරිවුනා. ආණ්ඩුවේ වැරදි ඇති. අප ඒවාටත් පහර ගසනවා. ඒත් මෙතුමියට දැන් අතීතයේ සියල්ලම අමතකයි. නීති බලධාරීන් මෙය ආණ්ඩුව පෙරලීමට යෙදූ දෙයක් දැයි සොයා නොබලන්නේ ඇයි ? ඇත්තෙන්ම එවැනි වස විස දැමු කාට හෝ ඉක්මනින් නිසි දඬුවම් දීම කලයුතුයි නේද? නීතියේ බලධාරීන් නිසි පියවරක් නොගෙන අන්ධයින් ගොළුවන් බිහිරන් සේ සිටින්නේ ඇයි ?
පාරවල් වල මිනිස්සු අවුස්සා අවුස්සා කෑ ගැසුවාට වැඩක් නැහැ. ඔය පරික්ෂණය කරන්න ඕනේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවක්, නිෂ්පාදනය කල සමාගමත් එක්ක එකතුවෙලා. පොලිස් කොමිසමට කොච්චර වැඩ තියනවද.
ඕකට බොරුවට කෑගහන්න එපා , අපේ ලංකාවේ කස්ටියට කිරි දිරවන්නේ නැහැ බඩ යනවා එයි සත්‍ය.
වෙන කරන්නත් දෙයක් නැහැනේ මිනිසුන්ට පේන්න. පව්නේ අනේ හොඳයි හොඳයි. අනික ඉතින් අර කියනවා වගේ බීපු අයට මොන මියිලෝද? විස නොවී තියේවිද ඉතින් කිරි තියෙන්න ඕනෑ සීත කාරණයක... මේ මහ පාරේ පට්ට රස්නේ උදේ ඉඳාම තියන් ඉඳලා මිනිසුන්ට බොන්න දෙනවා..