(විනීතා එම් ගමගේ)
විශේෂිත සැකකරුවන් රඳවා තැබීමට ස්ථානයක් ඉදිකළ යුතව ඇතැයි අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර ගත කර ඇති බන්ධනාගාර කොමසාරිස්වරයා දැනට බන්ධනාගාරයේ සුබසාධක අංශයට අයත් ගොඩනැගිල්ලක රඳවා ඇති බවත් බන්ධනාගාර ප‍්‍රධානියකු රඳවා තැබීමේ දී ඔහුගේ ආරක්ෂාව ගැන සිතිය යුතු බැවින් එසේ රඳවා තබන්නට සිදුවූ බවත් අමාත්‍යවරිය කීවාය.
එවැනි රැඳවියන් වෙනුවෙන් විශේෂිත ස්ථානයක් සකස් කිරීමට යෝජනා කරන බවත් එය ඉදිරියේ දීත් අවශ්‍යතාවයක් වනු ඇති බවත් අතුකෝරල මහත්මිය තවදුරටත් පැවැසුවාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ප්‍රභූන් ආවම දාන්න හොඳයි. වායු සමීකරණ, ටීවී දාලා හදන්න හොඳේ
හොඳ අදහසක්
ඔව් ඔව් කියන විදියට පහුගිය කාලේ හොරු ටික අහුඋනොත් වෙනම බන්ධනාගාරයක් ඕනවෙයි. දැනට අල්ලස් දෙන්නෙක් ඉන්නවනේ. තව කීදෙනෙක් එළියේ ඉන්නවද?
කොහොමටත් බන්ධනාගාර හෝටලේ තියනවානේ?
මෙතුමිය මේ කියන්නේ විශේෂිත පුද්ගලයන් ඉදිරියේදී සිරගත වෙන්න තිබෙනවා කියන පණිවුඩයද?
ඇයි දැනටත් තියෙන්නේ එකක්. මේ අවුරුද්දේ රුපියල් බිලියනයක් වියදම් කරලා අලුත්වැඩියා කරනවා කියල තිබ්බේ. තව පළාත් මට්ටමිනුත් තියෙන්නේ නවයක්ම.