IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


විශේෂඥ වෛද්‍යවරයා රටගියේ 15 වරක් පමණයි

ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය වසර 5 ඇතුළත විදේශගත වූයේ 15 වතාවක් පමණක් බවත් එම වසර පහ ඇතුළත 80 වරක් විදේශ ගතවී ඇතැයි යන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයන ඒකකය කියා සිටී.

2018 ජුනි මස 27 දින ලංකාදීප වෙබ් අඩවියේ පලවූ “එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ” යන ප්‍රවෘත්තිය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයන ඒකකය මෙම ලිපිය එවා තිබේ. 

ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුපියල් මිලියන 300 ට ආසන්න මුදලක් ගසා කෑමට මෑත කාලයේ දී එක්තරා කණ්ඩායමක් උත්සාහ කළ බවත් ඊට එරෙහිවීම නිසා මෙම විශේෂඥ වෛද්‍යවරයාට අභූත චෝදනා එල්ල කරන බවත් කරුණු පැහැදිළි කිරීමේ ලිපියේ සටහන් වේ. කරුණු පැහැදිළි කිරීමේ ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද යවනු ලැබ තිබේ. 


එම ලිපියේ මෙසේද සටහන් වේ. 


දැනට ජාතික රුධිර පාරවිලයන සේවයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් පමණ සේවයේ නිරත අතර ඊයේ (27 වැනිදා) පළවූ ප්‍රවෘත්තියේ වාර්තාවන ආකාරයට ශ්‍රි ලංකාවේ සිටින රුධිර පාරවිලයනය පිළිබඳ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු එහි දී ඉලක්ක වී තිබේ.
මෙම වෛද්‍යවරයා රුධිර පාරවිලයනය පිළිබඳ මෙරට බිහි වූ ප්‍රවීනතම විශේෂඥ වෛද්‍යවරයකු වන අතර ජාතික මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් අපේ රටට කීර්තියක් ගෙන දී ඇති වෛද්‍යවරයෙකි. ඔහු (පසුගිය වසර 5 ඇතුළත) ගමන් වාර 80 ක් විදේශ ගත වී ඇතැයි ඔබ වෙබ් අඩවිය සඳහන් කර ඇති නමුත් පසුගිය වසර 5  තුළදී ඔහු විදේශ ගමන් 15කට පමණක් සහභාගී වී ඇත.


රුධිර පාරවිලයනය පිළිබඳ ජාත්‍යයන්තර සංවිධානය ( International Society of Blood Transfusion ) යනු ලොව පුරා ගුණාත්මක රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාවක් පැවත්වාගෙනයාම සහ ඒ සඳහා පර්යේෂණ සිදු කිරීමේ අරමුණ පෙරදැරිව බිහි වී ඇති ලොව ප්‍රමුඛතම සංවිධානයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා රුධිර පාරවිලයනය පිළිබඳ තම ජාත්‍යයන්තර ප්‍රතිපත්ති සැකසීමේ දී මෙම සංවිධානයේ උපදෙස් අනුව ක්‍රියා කරයි. 


මෙම විශේෂඥ වෛද්‍යවරයා රුධිර පාරවිලයනය පිළීබඳ ජාත්‍යයන්තර සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාය. එම ජාත්‍යන්තර සංගමය සෑම වසරකම පාහේ ප්‍රධාන සැසිවාරයක් පවත්වන අතර එහි දී නව පර්යේෂණ එළි දැක්වේ. මෙහි දී පර්යේෂකයින් යොමු කරන පර්යේෂණ නිබන්ධන තේරීමේ කමිටුවේද සමාජිකයෙකු වශයෙන් මෙම  විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කරමින් සිටී. එමෙන්ම එම සංවිධානයේ රුධිර පට්ටිකා ආශ්‍රිත ප්‍රතිදේහජනක නාමකරණ කමිටුවටද ඔහු ඇතුළත් වී සිටී. මෙම වෛද්‍යවරයා ඉහත ගමන්වාරවලින් කිහිපවතාවක් එහි වාර්ෂික සැසිවාරයට සහභාගී වී තිබේ. 


මීට අමතරව මෙම විශේෂඥ වෛද්‍යවරයා ලෝක  සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් අවස්ථා ගණනාවක දී කලාපීය රටවල රුධිර පාරවිලයනය නගා සිටුවීම සඳහා විශේෂඥ උපදෙස් දෙමින් ඔහුගේ දායකත්වය ලබා දී ඇති අතර  වසර ගණනාවක් රුධිර පාරවිලයනය පිළිබඳ ආසියානු සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥයින්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරයෙකි.


ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන ක්ෂේත්‍රය අද ලබා ඇති සෑම දියුණුවක් පසුපසම සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා විසින් පර්යේෂණ නිබන්ධන බොහෝ ගණනක් ඉදිරිපත් කර ඇත. සෑම විටම නිහඩ චරිතයක් වූ බැවින් විශේෂඥ වෛද්‍යවරයා තම අපරිමිත කාර්යභාරය පිළිබඳ අඬබෙර ගැසුවේ නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ රුධිර පාරවිලයනය පිළිබඳ පශ්චාත් උපාධි අංශයේ ප්‍රධානත්වය දරන මෙම විශේෂඥ වෛද්‍යවරයා දකුණු ආසියාතික රුධිර පාරවිලයන සංගමයේද (SAATM) ආරම්භක සාමාජිකයෙකි. 


මෙම කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය සේවයේ පවා නොයෙදී උදෑසන 7.00  සිට රාත්‍රි 9.00  හෝ 10.00 වනතුරු ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථානයේ ගත කළේ එහි උන්නතිය වෙනුවෙනි. අත්‍යවශ්‍ය ජාත්‍යයන්තර සමුළුවක්  සඳහා සහභාගී වූ අවස්ථාවල දී හැරුණු විට  මෙම විශේෂඥ වෛද්‍යවරයා නිවාඩු ලබා ගත්තේ නැත. ඉරිදා, අලුත් අවුරුද්ද, පෝය හෝ සතියේ දින ඔහුට සතියේ රාජකාරී දිනයන් සේම විය. ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී ඕනෑම දිනයක ඔහුව දැක ගත හැක්කේද එබැවිනි.


ලංකාවේ ලේ බැංකු 102ක් ඇති අතර මෙම ඕනෑම ලේ බැංකුවක ඕනෑම තරාතිරමක කෙනෙකුට ගැටළුවක් ඇති වුවහොත් දවසේ කුමන වේලාවක දී වුවද ඔහුගෙන් උපදෙස් ලබා ගත හැකිය. සැබැවින්ම ජාතික සම්පතක් වන මෙම විශේෂඥ වෛද්‍යවරයා පසුගිය වසර 5 ඇතුළත, එනම් 2014 මැයි මස සිට මේවනතෙක් 15 වරක් විදේශගත වී ඇති අතර ඉන් බොහොමයක් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා විසින් නම් කර ලබා දී ඇත. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඊට සාක්ෂි දරයි.


ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුපියල් මිලියන 300 ට ආසන්න මුදලක් ගසා කෑමට මෑත කාලයේ දී එක්තරා කණ්ඩායමක් උත්සාහ කළේය. (මේ පිළිබඳ සාක්ෂි අවශ්‍ය ඕනෑම විටක අදාළ නිලධාරීන්ට පෙන්විය හැකිය.) මෙම විශේෂඥ වෛද්‍යවරයා එහි දී ඔවුන්ට එරෙහි විය. මෙම විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකරන්නේ එවන් පිරිසකි. 

 



අදහස් (3)

විශේෂඥ වෛද්‍යවරයා රටගියේ 15 වරක් පමණයි

ගාමීණී Friday, 29 June 2018 06:10 AM

රටට සේවයක් කරන උගතෙකුට මෙතන විශාල අසාධාරණ ලෙස මඩ ගැසීමක් සිදුවී තිබෙන බව පැහැදිලියි. ජාතිය වෙනුවෙන් අපි ඔහුගෙන් සමාව අයදිමු.

:       2       280

lalith Friday, 29 June 2018 06:33 PM

අර ඇමතියයි, පුතයි, යනවට වඩා මෙතුමා ගියඑක කොයිතරම් හොඳද?

:       0       142

lakshman Saturday, 30 June 2018 05:32 AM

මෙවැනි ගෞරවනීය සමාජයට සහ ලෝකයටම වටිනා අයවලුන් ගැන ප්‍රවෘත්ති ලියනවිට හරියාකාරයෙන්ම සත්‍ය ලෙසම තහවරු කරගෙන වාර්තා කළා නම් හොඳයි නේද කියල දැන්වත් හිතෙනවා නම් !!!

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30276 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12368 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 777 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site