(ක.ග. කරුණාරත්න)
මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින විශ්ව විද්‍යාල වලට යන දරුවන්ගේ අනාගතය තවදුරටත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද නවකවදය සම්බන්ධයෙන් දැඩි දඬුවම් දිය හැකි නීතිය තිබුණත් මෙතෙක් එය ක‍්‍රියාත්මක නොකළ නමුත් ඒ පනත යටතේ නඩු පවරන ලෙස උපදෙස් දුන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (7) පොලොන්නරුවේ හිඟුරක්ගොඩ දී ප‍්‍රකාශ කළේය.
මේ දරුවන්ගේ සුන්දර අනාගතය විනාශ කරනු ලබන්නේ දේශපාලන කණ්ඩායමක් විසින් බව කී ජනාධිපතිවරයා දේශපාලන ප‍්‍රචණ්ඩත්වය විසින් විශ්ව විද්‍යාල බිළිගෙන තිබෙන බවද කීවේ ය.
මිලේච්චත්වය, නොදියුණුකම, අවිනීතකම, තිරිසන්කම එහි රජයන බවද කීය.
උසස් අධ්‍යාපන ඇමැතිතුමාත් රජයත් තීරණ තීන්දු අරගෙන දැනට එයට ප‍්‍රතිකාර කරගෙන යන බව කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටක නීතියක් තිබියදී මේ විදියට විශ්ව විද්‍යාලවල දරුවන් විනාශ කිරීමට ඉඩ නොදෙන බව ද ප‍්‍රකාශ කළේය.
පිබිදෙමු පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 700 ක වියදමින් හිඟුරක්ගොඩ ඉදි කිරීමට යෝජිත පොලොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ගොඩනැගිලි පරිශ‍්‍රය සඳහා මුල්ගල තැබීමෙන් පසුව එහි පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමැතිතුමා වත් මොකුත් කලොත් මිසක්, ජානාධිපතිතුමා නම් කවද්ද කියන දෙයක් කරේ
විශ්ව විද්‍යාලයට වරම් ලැබූ හුඟක් තරුණ, තරුණියන් විශ්වවිද්‍යාලයට පා තබන්න බයේ ගැහි ගැහී ගෙවල්වලට වෙලා ඉන්නවා.. හේතුව " නවක වදය"..!
කොච්චර නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක නොකරනවා නම් එයින් ඵලක් නොවේ. නවකවදය පිළිබඳ නීතියද එලෙසයි.
මම නම් ඔය එක්කෙනෙක්ටවත් නිසි දඬුවම් දෙනතුරු, ඔය වේදිකාවල කියන කතා විශ්වාස කරන්නේ නැහැ.
මෙතුමා කියන කතාව ඇත්ත... සුදුස්සාට සුදුසු තැන නොලැබෙන රටකයි අපි ජීවත් වෙන්නේ, අවාසනාවකට.
"නවක වාදය" කියන මුඩුක්කු සංස්කෘතිය.. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් තුරන් කල යුතුයි.. නිදහස් රටක.. නිදහස් අධ්‍යාපනයක වරම මේ තරුණ තරුණියන්ට ලබාදිය යුතුයි..
මමත් අවුරුදු 40 කට ඉස්සර පෙරාදෙනිය කැම්පස් එකට ඇතුල්වෙලා නවක වදය මාසයක්ම කෑව. වදේ දෙන කාලෙ අපි හිටියෙ මරන්න ගවඝාතනාගාරයට දක්කන හරක් රංචුවක් වගෙයි. ඇත්තම කියනවනම් නවක වදය දෙන්නෙ මානසික හීනමානයෙන් පෙලෙන ලෙඩ්ඩු කීපදෙනෙක් නමුත් ඔවුන්ගේ අමානුශික ක්‍රියාවන් වලක්වන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යන් කවුරුවත් උත්සහ කරන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එකට එක කිරීමේ න්‍යාය. අපි රැග කෑවනම් උඹලත් ඒක කන්නම ඕනැ කියල තමයි එයාල හිතන්නේ. ලෝකෙ තියෙන විශ්වවිද්‍යාල වලින් 1% ට අඩු ගනනක තමයි දැන් නවක වදය තියෙන්නේ.
නවක වදය නැතිකිරීමට නිසි කියාමාර්ග ගන්නවානම් එය තමා ඔබතුමා මෙතෙක් ගත් විශිස්ටම ක්‍රියා මාර්ගය.දෙමාපියන්ගේ සහය ඔබතුමාට නිරන්තරයෙන් ලැබෙනවා.
ලංකාවේ දරුවනි, අනුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති, තමනුත් ඉගෙන ගන්න වුවමනාවක් නැති, බංකොළොත් දේශපාලුවන් පස්සේ යාම ජීවිතයේ එකම පරමාර්ථය කරගත්, රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යයි කියා ගන්න අම්බරුවන්ගෙන් බේරී පුද්ගලික විශ්ව විද්‍යාල හෝ ලංකාවේ වෙනත් කීර්තිමත් අධ්‍යාපන ආයතනවලින් හෝ ලෝකයේ ඕනෑම තැනක පිළිගන්න පාඨමාලාවක් කරලා රටින් පැන ගන්න. ඔබ දිනුම්! ලංකාව කවදාවත් හැදෙන්නේ නැහැ. දේශපාලන අම්බරුවෝ රට හැදෙන්න දෙන්නෙත් නැහැ.
ජෙප්පොයි, පෙර්ටුගාමියෝයි මේවට වග කියන්න ඕනේ. අපේ භික්ෂූන්වහන්සේලාට භික්ෂු විශ්ව විද්‍යාලයට ගිහින් අධ්‍යාපන කටයුතු කරන්න සැලැස්සුවොත් හොඳ නැද්ද?
වචනයට සීමා නොවී මෙවැනි දේවල් කළොත් ඔබතුමාට නැවත ජනතා සහය ලැබේවි..!!!
රවී - සහතික ඇත්ත.
01 කොටස... මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙක්.. වයස 23 යි.
02 කොටස... උසස්පෙළ ලියලා අවුරුද්දක් ගෙදර... ඔන්න ආණ්ඩුවේ වැරැද්දක්...මම කැම්පස් යනකොට වයස 23 යි
නවක වදය හෝ කැම්පස් එක ඇතුලේ වෙන දේවල් එළියේ ඉදන් නවත්තනවා කීවට ඒකමෝඩ කතාවක්..... පුළුවන් නම් සාමාන්‍ය පෙළ ,උසස් පෙළ තේරුමක් නැති මේ විභාග රස්තියාදුව නවත්තලා ...අවුරුදු 17 ක් 18 ක් යද්දී කැම්පස් එන තත්ත්වයක් හදන්න.. එතකොට නවක වද මොකුත් නැතිවෙයි.
එළ එළ... නියමයි.
විශ්ව විද්‍යාලවල ලියාපදිංචිය ලබන සිසුන්ට විශ්ව විද්‍යාලවල සිසුන් ලෙස සිටියහැකි කාලය අවුරුදු 5 ක් කරන්න. රජයේ රැකියාවලට ගන්නා උපාධිධාරීන්ට උපරිම වයස අවුරුදු 30ක් කරන්න. එවිට මෙම ප්‍රශ්නයට සුළු විසඳුමක් ලැබේවි !!!
නඩු දාන්න.කුඩුවෙත් දාන්න.එල්ලන්න. එත් " රැග් "කිරීම නවත්වන්නේ නැහැ. ජනාධිපති ආවොත් ලුණු වතුරයි ගම්බිරිසුයි පොවලා , අමුඩයක් අන්දලා ඔලුවෙන් හිටවලා තියෙනවා.
රැග් මාස්ටර් එදා වේල කන්න නැති පවුල් වලින් මෙතනට ඇවිල්ලා අනික් ළමයින්ට ඊර්ෂා කොරනවා.
රැග් මාස්ටර් ඔබ මගේ දරුවෙකුට රැග දුන්නානම් මම ඔබව උස්සන්නේ තව මාස 9 හෝ අවුරුද්දකින්