(අංජුල මහික වීරරත්න)
විශ්වාසභංග විවාද යෝජනාවේ ජන්ද විමසීමට පෙර අගමැති තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සම්පුර්ණයෙන්ම ඉවත දමමින් හෙට (4) විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කිරිමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල් කාර පක්‍ෂ නායකයින් මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද අදහස් හුවමාරු කරගනිමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන්ගේ සහය නොලැබුණහොත් විශ්වාසභංගය වැඩි චන්දයෙන් පරාජය කරන බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
COMMENTS
හොරු රකින්න හොරු එක්වෙති. අනේ රටට යන කලක්
නැතුව නැතුව. පරාජය නොකලොත් වෙන්නේ ආපහු ජනවාරි 8 ට කලින් හිටිය තැනට පල්ලන් බහින්නනේ.
දන්න දහන් ගැට ඔක්කොම දාන්න ඇති දැන්.
ජනතා බලයෙන් පත්කර ගත් රජයක අගමැතිවරයාට එලියට බහින්න අණ කරන්න මොවුන්ට ඇති බලය හෝ සදාචාරය මොකද්ද? අගමැතිතුමා සමග සහයෝගයෙන් රට වෙනුවෙන් වැඩ කිරීමට බැරිනම් එලියට බැහිය යුතු වෙන්නේ එම රංචුව මිස රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවන බව මේ අයට තේරුම් කරදීමට, තවම බැරි උනාද ?