IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැවිලි සංස්ථා සභාපතිට සිතාසි හා වෙරන්තු 500ක්

විනීතා එම්.ගමගේ

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතාට ඉකුත් මාස කිහිපයේ දී සිතාසි හා වරෙන්තු  500 කට ආසන්ක ප්‍රමාණයක් ලැබී ඇතැයි එම සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම සිතාසි හා වරෙන්තු වලින් අඩකටත් වඩා ඔහුගේ පෞද්ගලික නමට ලැබී ඇතැයි ද එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

මෙම  සිතාසි දිවයනේ විවිධ පළාත්වල අධිකරණවලින් එවා ඇත්තේ සංස්ථාවට අයත් වතුවල සේවක සේවිකාවන් ගේ අරථසාධක හා ඊටීඑෆ් අරමුදල් සඳහා දායක මුදල් නොගෙවීම සම්බන්ධ නඩු සම්බන්ධයෙනි.

මේ පිළිබඳව තිලක් මහානාම මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා සඳහන් කලේ තමන් සංස්ථාව භාර ගැනීමෙන් පසු සෑම මසකම අදාළ දායක මුදල අඩු නැතිව යැවූ නමුත් ⁣ ඊට පෙර හිඟව පැවැති දායක මුදල් සඳහා මෙසේ නඩු හබ පවතින බවය.

මේ වන විටත් එසේ කලින් නොගෙවා ඇති හිඟ මුදල බිලියන 1.2 වන බව ද හෙතෙම සඳහන් ක⁣ෙළ්ය.

කෙසේ වෙතත් වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසින් වත් සඳහන් නොකර තම නමට පමණක් මෙසේ සිතාසි එවීම තමන්ටත් පුදුමයක් වී ඇතැයි මහානාම මහතා තවදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

වැවිලි සංස්ථා සභාපතිට සිතාසි හා වෙරන්තු 500ක්

minipe Friday, 29 September 2017 06:44 PM

මේතුමා හරි, අපේ පියාටත් වරෙන්තුවක් එවල තිබුණා, නමට. එහි ගෘහමුලිකය කියලා සදහන් නොකර.

:       0       0

sam Friday, 29 September 2017 09:57 PM

කොළ පන්සීයක් හඳුන්වන්නේ "රීම්" එකක් කියලයි .ඒ නිසා මෙයාට වරෙන්තු රීම් එකක් නිකුත් කරලා තියනවා කියා කියන්න .

:       38       2

shan saudi Saturday, 30 September 2017 05:44 AM

මු ඇත්තේ දිවියලෝකේ එහෙට තැපැල් වැඩ කරන්නේ නැ පොලිසිය යන්නෙත් නැ එක නිසා දන්නේ නැතිය ඇති අනේ ගමේ ඉන්න කෙසෙල් කැනක් කපාපු මිනිහෙක් උනානම් උෟ මෙලහාට හිරේ නැත්නම් ඔත්පොල වෙලා ඇදේ මොකද පොලිසිය හරි බලවත්නේ උකුසු ඇස් ගැලවෙනවා බොරු අප්පම පාදඩ දේසපාලන හන්ද රටට ගිය කලක්

:       26       0

shan saudi Saturday, 30 September 2017 06:04 AM

නැ සෑම් සිතාසි බෙදපු කෙනා දැන් යන්නේ රීම් එකෙන්ලු

:       16       0

ravin Saturday, 30 September 2017 10:08 AM

අර්ථසාධක මුදලින් විකාර නටපු පාදඩයන්ගේ පුද්ගලික ගිණුම් වලින් මුදල් ආපසු ගන්න. නඩුත් ඉවරයි සේවකයනුත් සතුටින්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site