(රොමේෂ් මධුෂංඛ)
වවුනියාවේ පූන්තෝට්ටම් අන්නා නගර් හා මදීනා ගම්මානය අතර පිහිටි ආගමික ස්ථානයක් ඉදිරිපිට අද (7) අළුයම 2 ට පමණ කිසියම් පිරිසක් විසින් ටයරයක් පුළුස්සා යාම හේතුවෙන් ගම්වාසීන් දැඩි බියට පත්ව ඇති බව පවසති.
අදාල ටයරය පිළිස්සීමත් සමඟ මදීනා නගරයේ ජනතාව පොලීසිය දැනුවත් කොට ඇති අතර පසුව යුද හමුදාව හා පොලීසිය එහි ගොස් අවශ්‍ය ආරක්ෂාව සපයා පරීක්ෂණ ආරම්භ කොට ඇත.
වව්නියාව පොලිසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලින් පසුව සැක පල කර සිටියේ අදාල ගිනි ගැනීම පරණ ටයරයක් බවටත් බියවීමට කිසිදු හේතුවක් නොමැති බවය.
නමුත් ගම්වාසීන් විසින් පොලීසියට එම ප්‍රදේශයේ රැඳී සිටින ලෙසට කරන ලද ඉල්ලීම හේතුවෙන් මේ වන තුරුත් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කොට ඇත.
කෙසේ වෙතත් වවුනියාව පොලීසියේ නිලධාරීන් අද උදෑසන ද මදීනා නගරය වෙත යැවූ බව වවුනියාව මුලස්ථාන පොලීසිය සඳහන් කළේය.
මදීනා නගරය යනු යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පදිංචි කරන ලද වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd