( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තු අභය භූමිය ආශ්‍රිත වනාන්තරය එළිපෙහෙලි කර ජනතාව පදිංචි කිරිම සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනු වී ඇති පෙත්සම්වල චෝදනාවලින් නිදහස් කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ඉල්ලීම අද (03) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
අමාත්‍යවරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු මෙම තීන්දුව ලබා දුන්හ.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සිය දිවුරුම් ප්‍රකාශය මඟින් අධිකරණයට පෙන්වා දී තිබුණේ මේ වන විට එළිපෙහෙලි කරමින් පවතින විල්පත්තු ආශ්‍ර්ත ප්රපදේශය 1999 වසර දක්වා ජනපදයක්ව පැවැති බවයි.
එල්.ටී.ටී.ඊ තර්ජන හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටි ජනතාව යලි එහි පදිංචිවිමට උත්සහ දරණ අතර එය රක්ෂිතය විනාශ කිරිමක් නොවන බව රිෂාඩ් බදියුදින් මහතා එම දිවුරුම් ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති එම කරුණු ඉතා අසත්‍ය බව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දර්ශන සහ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ භූමි සිතියම් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයට දැන්වීය.
කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර අදාළ නඩුව නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනිමට ද තීරණය කර තිබේ.
COMMENTS
වැරදිකරු බව දැන දැනත් නිදහස් කරන්න ඉල්ලන්නේ ඇයි? දැනට ඉදිකරමින් යන ගොඩනැගිලි නතර කලයුතුයි හෙලිකෙප්ටර් වලින් අරබිකාරයෝ එන්නේ කොහේ ඉඳලද
නොවැම්බර් වෙනකොට මුන් තව අක්කර 1000 වත් කපල දාවි
නාගානන්ද සහ සෙනෙවිරත්න මහතුන්ට මගේ ආචාරය. තව දුරටත් රජයේ ඉඩම් කොල්ලකෑමයි, අනවසර මේ පදිංචි කරවීමයි නවත්වන්න තරම් මේ ආණ්ඩුවේ එක්කෙනෙක් නැද්ද කියන එකයි මට පුදුමේ.
තමන්ගේ ඇමති බලතල පාවිච්චි කරලා නීති විරෝධි හෝ අයුතු ක්‍රියාවක් කර ඇත්නම් අධිකරණ මගින් උපරිම දඩුවම් ලබා දෙනු ඇතයි අපි අපේක්ෂා කරන අතර නාගානන්ද සහා මාලින්ද මහත්වරුන්ගේ මෙම ක්‍රියාව ඉතාමත් අගේ කොට සලකමී.
විල්පත්තුව ආශ්‍රීත වනාන්තර පද්ධතිය විනාශය මුලින්ම වාර්ථා කල මාධ්‍යවේදියා ලෙස මට කියන්න තියෙන එකම දෙය තමයි මේ ඇමතිවරයා සෘජුව මේ විනාශයට සම්බන්ධයි කියලා. මොකද මේ සියල්ල ඔහු පසුපස ක්‍රියාත්මක වු දේවල්. එයට තවත් උදාහරණ ගණනාවක් තිබේනවා ...
වැදගත් නඩු තීන්දුවක්. වැරැද්දට ලැබෙන දඬුවම් ගැන රටම බලා සිටිනවා.