IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වෙල්ගමට එරෙහි නඩුව කල් යයි

(නිමන්ති රණසිංහ)
 
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධූරයක් නොමැතිව එල්. ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද  (23) නියෝග කළේය.

 
මෙම නඩුව කැඳවන අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (23) රාජකාරි නිවාඩු ලැබ සිටීම හේතුවෙන් එම නඩුව කල් තැබීමට එලෙස තීරණය වී තිබේ. මෙහි චූදිත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇප මත සිටිමින් අද (23) අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු අමාත්‍යවරයා, රුපියල් 10,000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණය මගින් මුදා හරිනු ලැබුවේ  2016 වසරේ පෙබරවාරි මස 16 වැනිදාය. 

 



අදහස් (11)

වෙල්ගමට එරෙහි නඩුව කල් යයි

Bamunuarachchi Friday, 23 February 2018 12:29 PM

මරේ මරු! ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධුරයක් නොමැතිව එල්.ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි කියති. මේවද දූෂණ? ලංකාවේ පුරවැසි භාවයක් නැතිකෙනෙක් මහා බැංකු පදවියට පත්කර රට ආරාජික කිරීම වගේ ඒවයි දූෂණ කියන්නේ. ඒ පත්වීම කල තැනැත්තාට දූෂණ නඩුවක් නැත. ආණ්ඩුවක් පෙරළුවේ උප සභාපති කෙනෙකු පත්කළ දූෂණ සොයන්නද? නැතිනම් පුරවැසි භාවයක් නැතිකෙනෙක් මහා බැංකු පදවියට පත් කිරීමේ දූෂණය කරන්නද?

:       172       364

nimalSunday, 25 February 2018 12:33 AM

මහා බැංකු දූෂණය වුණා කියලා ඊට පහළ හැම දූෂණයම වහන්න බැහැ. අපි කැමති අය , අපි කැමති පක්වෂයේ අය වරදක් කලාම අපි ඒ අයව බේරන්න කතා කලාට මෙයාලා හැමෝම වරින් වර එක එක විධියට කොල්ලකාලා නාස්ති කරලා තියෙන්නේ අපේ මහජන මුදල් බව අපිට නොතේරෙන්නේ ඇයී? අන්ක මෙහෙම නඩු කල් දාන්නේ ඇයි? මෙයා වසර 500 ක් විතර ජිවත්න වෙනවානම්ම් මෙහෙම නඩු කල් ගියාට කමක් නැහැ.

:       0       0

සතයපාල Friday, 23 February 2018 01:00 PM

අනේ මන්දා! පොහොට්ටුවේ ආණ්ඩුවක් එනකම්ම මේ නඩු කල්යයිද? යහාපාලනයක් වෙනුවෙන් කඩේ ගිය අපි පව් නේද ?

:       105       146

BamunuarachchiFriday, 23 February 2018 04:22 PM

මොනවා කොරන්නද මෙවැනි ගොන්කම් කිරීම ඔබේ වැරද්දක් නොවේ එය ජාතියේම වරදකි.

:       0       0

rocky Friday, 23 February 2018 01:59 PM

එම්බල බමුණානෙනි. මොහු කලේ එතෙක් නොතිබුණු ධුරයක් තමාගේ හිතු මනාපයට ඇති කොට එයට තමාගේ කෙනෙකු පත් කොට වැටුප් ගෙවීමයි. එය බරපතල චෝදනාවකි. මහබැංකුවේ අධිපති ධුරය කවදත් පැවතුණු එකකි. එයට විදේශිකයෙකු පත් කිරීම නීත්‍යානුකූලදැයි මම නම් නොදනිමි. කෙසේ වුවත් මේ දෙක සමාන කල නොහැකි බවයි, මට නම් පෙනෙන්නේ !!!

:       233       335

BamunuarachchiFriday, 23 February 2018 03:45 PM

එමබල කෙලතොල්ල ( වචාලය) " එයට විදේශිකයෙකු පත් කිරීම නීත්‍යානුකූලදැයි මම නම් නොදනිමි."විදෙසිකයෙකු යෙකුට මෙරට මුදල් සම්බන්දව රජයේ ඉහල තානාන්තරයක් දීම නීත්‍යානුකූලදැයි නොදන්නා තොප සමග වාද කිරීමෙන් ඇති පල කිමෙක්ද? දැන් එහි පතිවිපාක තොපට නොපෙනීද? එවන් දෑ පෙනෙන්නේ බුද්දීමතුන්ට මිස හය හතර නොදන්නා තොපවන් කෙලතොල්ලනට නොවේ

:       0       51

ගුණවර්ධනFriday, 23 February 2018 08:17 PM

එතකොට මනුස්සයෙකුට රස්සාවක් දෙන එකත් දූෂණය ක් කියලද හදුන්වන්නේ..අනේ නිකන් යන්න මෙයා.මීට වැඩිය ඔයා ආණ්ඩුවේ මිනිස්සු කරපු දූෂණ කොච්චර තියෙද ..මේවට කියන්නේ දේශපාලන පලිගැනීම් කියලා ...

:       0       55

සනත් ඉතාලිය Friday, 23 February 2018 03:30 PM

අනේ මේ නොදන්නා කමටයි අහන්නෙ නිත්‍යානුකූලව ගිවිමුසක් නැතුව මාස දෙකකට අධික කාලයක් ව්‍යවස්ථා විරුද්ධව අමතර ඇමැති සංඛ්‍යාවක් වියදම් කරන එක දුශනයක් නොවෙයිද

:       0       0

Bamunuarachchi Friday, 23 February 2018 04:21 PM

ලංගමයේ සිටින හොර දෙටුවන් මොනරජයක් පැමිණියත් සොරුන්මය මෙතන ඇමතියා කර ඇත්තේ තමන්ට විශ්වාසී වූ ලංකාවේ පුර වැසියෙකුට රැකියාවක් දීමකි. එසේ කිරීමෙන් ආයතන තුල ඔබ වැන්නවුන් රිංගාගෙන කරන්නා වූ දහසකුත් සොරකම් ඇමතියාට දැනගැනීමට හැකිවන්නීය. මෙයත් සිල්රේදී බෙදීම, ලිත් බෙදීම, ජී අයි පයිප්ප බෙදීම වැනි තොපි බලාපොරොත්තු වූ මහා විසාල දූෂණයකි. අනේ ස්කො බලලෝ කීවලු

:       0       53

sirimal Saturday, 24 February 2018 12:12 PM

මහබැංකුවේ ප්‍රශ්නය ගැන දැන් දඬුවම් දීගෙන යනවා නේද? ඒවගේ වැඩ හොඳයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ.

:       27       21

BamunuarachchiMonday, 26 February 2018 06:25 AM

කාටද දඬුවම් දීල තිබෙන්නේ? බැන්කුහොරකමට මුල්ගල තිබ්බේ රනිල් ලොක්කා කෝ එයට දඬුවම් නැහැනේ. අර අහිංසකයෝ දෙන්නෙක් අල්ලාගෙන රිමාන්ඩ් කොරලා . මමත් කොන්තරාත්තුවකට බිඩ් කොරනකොට ඇතුලත තොරතුරු සොයා බලනවා එක සාමානය දෙයක් නමුත් ඇතුලත තොරතුරු ලාබ පර්යෝජන තකා එලියට දීපු යයි එවැන්නවුන් පත්කළ අයයි පටා හොරු උන්ටයි දඬුවම් කරන්න ඕනේ

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site