( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීස් අධ්‍යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන ජූලි 07 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති රෝහිණී වල්ගම සහ විනිසුරු එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එහිදි පෙත්සම සලකා බැලීම විනිසුරු මඩුල්ල පෙත්සම මෙදිනට කල් තබන ලදී.
එම ගැටුම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ තිස්සමහාරාමය පදිංචි සුදේශ් නන්දිමාල් සිල්වා නැමැත්තෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂක , පොලිස්පති ,බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ,පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු පිලිබඳ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් ,නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් කතාකර ලඟට ගෙන මෙම අපරාධය කල බවයි පැවසෙන්නේ. කාගේ මත් ව්‍යාපාරය රැකගන්නද මෙය කලේ මෙතරම් ටයිල් අල්ලා තාප්ප කඩා ලස්සන කල නගරයක?
කොමිටි වාර්තාව කියෙව්වොත් තේරෙයි මොකද්ද උනේ කියලා....? පිටිගලගේ ප්‍රතිචාරයට අකමැති අය කරුණු කාරණා දන්නවා මදි වගේ....