( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පති හා රහස් පොලිස් අධ්‍යක්ෂකට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැම්බර් 12 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට සඳහා තමන්ට තවදුරටත් කල් ලබා දෙන ලෙසට පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි අතර නීතිපති කළ එම ඉල්ලීම සලකමින් අධිකරණය පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති එල්.ටී.බී .දෙහිදෙණිය මහතා හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයේ ගැටුම? මේක ගැටුමක්ද යම් පාර්ශවයකට අවශ්‍ය කරන පුද්ගලයන් සොයා මරා දැමීමක්. කිසිම හේතුවක් නැතුව තෝරගත්ත පිරිසක් අමානුෂිකව ඝාතනය කිරීමක්. මේ කපේ ඕව කරපු අය හොයාගන්නෙත් නෑ. දඬුවම් දෙන්නෙත් නෑ.