ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රසුන් දහනායක
වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය අද (07) තීරණය කළේය.
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ සිසු සිසුවියන් විශාල පිරිසක් උණ වැලදී අසනීප වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ නමුත් එම පීඨයේ පලමු වසරේ සිසුන්ට එම වෛරස් උණ පළමුව වැලදී තිබූ අතර එම නිසා ඔවුන්ට ඉකුත් සදුදා (04) සිට නිවාඩු දී තිබුණි.
එහෙත් අනෙක් වසර වල සිසුන්ද උණ සෑදී අසනීප වීමට පටන් ගැනීම නිසා කෘෂි පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පීඨයේ සිසු සිසුවියන් 80කට වැඩි පිරිසක් පසුගිය දින කිහිපයේදී උණ සෑදී අසනීප වී තිබූ බවයි.
මේ පිලිබඳව කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසාද් කොඩිතුවක්කු මහතා කියා සිටියේ තමන්ට ඒ ගැන තොරතුරු ලැබී ඇති නිසා ඒ පිලිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
145
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛරස් උණ හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයත් වැහෙයි
nimal Thursday, 07 June 2018 03:32 PM
වෛරස්වලට ඔය පළමු වසර සිසුන් දෙවන වසර සිසුන් කියලා බේදයක් නැති බව දන්නේ නැද්ද. පළමු වසර අයට වැලදුනා කියලා මුලින් ඒ අයට විතරක් නිවාඩු දීලා.