(දයාසිලි ලියනගේ) 

හම්බන්තොට  වරාය චීන සමාගමකට  බදු දීමට  ගන්නා ලද තීරණයට  විරෝධය දක්වමින්  වරාය සේවකයන් සිකුරාදා (28) පැවැත්වීමට  නියමිතව තිබු  වර්ජනය කල් දැමු බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ කැඳවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ මහතා කීය.

ඛනිජ  තෙල් සේවක වෘත්තිය සමිත නියෝජිතයන්  හා  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  අතර  පැවති සාකච්ඡාවක දී  හම්බන්තොට  වරාය ගිවිසුම සංශෝධනයට  එකඟතාවය දක්වා  තිබෙන නිසා එහි  තීන්දුව ලැබෙන තෙක් වර්ජනය තාවකාලිව අත්හිටු වන බව ඔහු ප්‍රකාශ කළේය.