
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ කතානායකවරයා ලබන සතියේ දී අත්සන සහතික කරනු ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .
පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) සම්මත වුණු එම පනත් කෙටුම්පත නිත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් වන්නේ ඊට කතානායකවරයා අත්සන තැබීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පතට සංශෝධන සියයකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීමට සිදු වී තිබෙන බවයි .
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා එම කටයුතු සිදු කරගත යුතුව තිබෙන බවද ඒ සඳහා යම් කාලයක් ගත වන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය .
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) වැඩි ඡන්ද 89 කින් සංශෝධන සහිතව සම්මත විය . එම පනතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි .
COMMENTS
එදා JR ගෙනා මහ කොළඹ ආර්ථික කොමිසමට විරුද්ධ පක්ෂයේ සිටි පොදු පෙරමුණ තදින් විරුද්ධ විය. ඉන් යම් ආකාරයකට දේශීය නිපැයුම් පහළ වැටුණද විදේශීය ආයා්ජනයන්ගෙන් රටට ලැබුණු ආදායම ඊට වඩා වැඩි වූ අතර විවෘත ආර්ථිකය තුළින් ලාංකිකයාට ලෝකය විවෘත විය. අද වරාය කොමිසමට විරුද්ධ පක්ෂ විරුද්ධ වේ. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව ලෝකයේ තවත් ඉහළ ස්තරයකට ගමන් කරන අතර වත්මන් විපක්ෂයට බලය ඇල්ලීම සිහිනයක් පමණක් වනු ඇත. එබැවින් ඔවුන් විරුද්ධ වීම සාධාරණයි. නිදහස ලැබී අවුරුදු 70ක් වත් ගියද අප රට ජරා දේශපාලනය තවමත් තුරන් වී නොමැත. එබැවින්, අපගේ අවසන් බලාපොරොත්තුව වන්නේ වියත්මග තුලින් වත්මනයේ දේශපාලන පන්නරය ලබන කුළුදුල් උගත් පිිරිස විසින්, වංචාවෙන් තොර නව ශ්‍රී ලංකාවක් අනාගතයට දායාද කරයි යන්නයි.
ඒ කියන්නේ කෝටි 02ක් ජනතාව වෙනුවෙන් කරන්න යන වැඩේ සතියකින් ප්‍රමාද කරනවා. මේ වැටිලා තියෙන වලේ හැටියට ඔය වගේ වැඩ එසැණින් එදාම කළ යුතුයි නේද? වැඩ ප්‍රමාද කරලා රටක් සංවර්ධනය කරන්නේ කොහොමද?
මේවා නියම විහිළු ප්‍රවෘත්ති තමයි... මේ අයට අත්සන් ගහන්නත් නැකත් තියෙනවා.
කන්ද උඩරට ගිවිසුමට පසු රට පාවා දෙන කූට ලියැවිල්ලට ලංකාවේ පාර්ලිමේන්තුවේ බිහි වූ ඉතාම දුර්වලම කථානයකවරයා අත්සන් කිරීම හාස්‍යයක් මෙන් අතිශය ඛේදවාචකයකි...! - රට පාවා දීමට අත් එසවූ සියලුම දේශපාලකයින්ට සාප වේවා!
ලංකාවේ මිනිසුන් කිසිම අලුත් දෙයක් පිළිගන්න අකමැති ජාතියක්. '90 දශකයේ ඇගලුම් කර්මාන්තය ආරම්භ කරන විට, අපේ මිනිසුන් කීවේ එය සුද්දන්ට ඇඳුම් හදන කර්මාන්තයක් කියායි. නමුත් අද ඒවායේ ලක්ෂ 5 ක් පමණ සෘජුව රැකියා කරනවා. වරාය නගරය ඉදි කිරීමට තරම් රටේ ධනයක් නොතිබුණු බැවින්, එය ගොඩ නැගුවේ චීන නය මතයි. එවැනි විශාල මුදලක් නැවත ගෙවීම අපහසු බැවින්, එහි යම් භුමි ප්‍රමාණයක් චීනයට 99 වසරක බද්දට දී ඇත. ලංකාව වැනි ප්‍රාග් ධනය හිඟ රටක් දියුණු කිරීමට ඇති එක මගක් නම්, විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීමයි. නමුත්, අද ලංකාව සිටින්නේ විදේශීය ආයෝජන සඳහා දර්ශකයේ 100 වැනි ස්ථානයේ, අප්‍රිකානු රටවලට පමණක් ඉහළින්. එවැනි තත්වයක් මත අද ලංකාව හැර, ආයෝජකයින්ට යන්නට ආසියාවේ ඕනෑ තරම් රටවල් තියෙන බව සිහි තබාගත යුතුයි. එබැවින්, මෙවැනි ව්‍යාපෘති වලට විරුද්ධ වන අය, උසාවි ගානේ නොගොස්, රටේ රැකියා ජනනය කරන අනිකුත් විකල්ප මාර්ග ඉදිරිපත් කළ යුතුයි.