(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි .
සමගි ජන බලවේගයේ , ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .
මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ නොසිටියහ .
පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පස්වරු 4.40ට පමණ ආරම්භ විය . මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය .
අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කළේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 25 ක්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය7වැනිදා කතානායකවරයාට දැනුම් දුන්නේය .
එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ.
පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට රජයට සිදුවූයේ මේ නිසාය .
පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පහළොවක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 8 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
ඔය සාපරාධී පනතට පක්ෂව ඡන්දය භාවිතා කළ මෝඩ, නරුම, චවුර, අසික්කිත, රට චීනාට පාවාදුන් දේශද්‍රෝහී "දේශකාපාලුවන්" 148 දෙනාට විරුද්ධව... දවසක මහා පාරේදීම නඩු අසා, මහාපාරේදීම අපාගත කරවීමේ " සත්ක්‍රියාවට " සහභාගිවන ලෙස රට වැසි ජනතාවටම මෙයින් ආරාධනා කරමි. ඒ දවස වැඩි ඈතක නොවෙන බව හොඳින්ම දනිමි.
අවසර අපේ හාමුදුරුවනේ, දැන් ඉතින් ඔටුන්න දාන්න වෙන කෙනෙක් හොයනවද?
ශුවර් එකට විමල්, වාසු, උදය, ගෙවිඳුලා ඡන්දෙ දෙන්නේ නැතිව එන්න ඇති. එයාලා නායම දේශප්‍රේමීන්නේ. දේශය බදියුදීන්ට විකුණනවට එයාලා කැමැති නැහැනේ.
"ජයවේවා" කියලා චීන භාෂාවෙන් ලියන්නේ කොහොමද?
අපේ රටේ ආර්ථිකයට යහපත් හැරවුම් ලක්ෂයක්...
අපේ විරුවා කොහොමත් රටත් වික්කා. කෝ අපේ 69 ලක්ෂය?
රට බෙදන මේ පනතට සහාය දුන් අය දේශද්‍රෝහීන් ලෙස සලකන්න. රාජපක්ෂලා අපේ රට නැතිම කරලා දැම්මා.
අහන්න තියෙන්නේ බයියනේ දැන් සතුටුද කියලා තමයි.
කොටින්ටත් උතුරු පළාත ඔයවගේ පනතකින් දීල දැම්මනම් ඉවරයිනෙ යුද්ද කර කර ඉන්නෙ නැතුව
චීනයට රට අයිති වීමේ ආරම්භය.
වරාය නගරය හරියට ක්‍රියාත්මක වුනොත් මෙරට ලෝකයේ ඉහලම තැනකට පත්කල හැකිය.නමුත් මෙම පනත සම්මත කරන අවස්ථාවේ ලංකා කේන්ද්‍රය ලෙස සැලකෙන කුම්භ ලග්නයේ හතර වැන්න හෙවත් භූමිය තැන කියන ස්ථානයේ රාජ්‍යකාරක රවිත් රාහුත් එක්ව ගමන් කිරීම නිසා (මෙවැනි කාලවල වැදගත් තීරණ නොගතයුතුය) රාජ්‍ය නායකයින් බරපතල ලෙස පීඩාවට ගොදුරුවන අතර අමාත්‍යාංශවල ඉහලම නිළධාරීන් අතින්දලොකුම වැරදීම්සිදුවීමෙන්කිසිදා විසදිය නොහැකි ප්‍රශ්ණ මතුවීමට ඉඩ ඇත.
රටක් දියුණුවීමේදී ලෝකයත් සමග ඉදිරියට ගමන් කළ යුතුබව අපි පිළිගනිමු.අපි එයට එකඟවෙමු.ඒත්,මෙවන් කටයුතුවලදී,සෑම රටකටම ආයෝජනය කිරීමට පොදු අවස්ථා තිබිය යුතුය.දැන් මහලොකුවට පම්පෝරි ගැහුවත්, අධිකරණ තීන්දුවට කලින් තිබූ දේ සම්මත කරන්නයි බලන් හිටියේ.එසේ උනානම්,එය චීණාට අයිති වෙනවා.දැන් උනත්,හානිකර සියලු දේ ඉවත් නොවූ බවයි බොහෝ දෙනාගේ අදහස. චීනාට වැඩි සැලකිල්ලක් දක්වා ඇති මෙහි ආයෝජනයට චීනාගේ හතුරු මහ බලවතුන් චීනාට සවුත්තු වීමට මෙහි එනවාට සැකයි.එසේ වුවොත් එහි වාසිය යන්නෙත්,චීනාටමයි.මේවා කලින් සිතාමතා හොඳින් සැලසුම් කොට සිදුකළ ඒවා බව පෙනේ.චීනාගේ බලය පවතින මෙහි සිට මහ බලවතුන්ට හානිකරදේ ඉදිරියේදී සිදුවුවහොත්,ඒ ඒ පාර්ශවයන් සටනට පැටළුණහොත්,එය අපට දැඩි ලෙස බලපායි.ඒ නිසා කලයුතුව තිබුණේ ලොව සෑම රටකටම කිසිදු බාධාවකින් තොරව, විනිවිදභාවයෙන් යුතුව මෙයට පැමිණ ආයෝජනය කිරීමේ අවස්ථාව උදාකර දීමයි.එසේ නොකොට මේ දඩිබිඩියේ මෙයට මේ ලෙස හදිස්සි වූයේ,දෙපාර්ශවයක් පමණක් දන්නා,වැසියන් නොදන්නා කුමක් හෝ දෙයක් ඇති නිසා යැයි කිසියම් කෙනෙකුට තර්ක කළ හැකිය.ඒ වැනි යම් දෙයක් සැඟවී ඇති සේයාවක් පෙනේ.ඒ බව ඉතාමත් පැහැදිලිය.
ඔය එන්නත් විකුණන්න වෙන්නේ චීනේටම තමයි. තවම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත අනුමත කරලා තියෙන්නේ " වෙන දෙයක් නැත්නම් භාවිතා කරන්න" කියලයි. භාවිතා කරන්නේ නිකන් දෙන ඒවා විතරයි කව්රුවත් මේවා සල්ලි දීලා ගන්නේ නැහැ.
ඉතා හොඳයි.. මේකෙන් රට ගොඩක් ඉදිරියට යයි. මේ අය කෑගැහුවට අවශ්‍ය තීරණය ගැනීම ගැන රජයට ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. මෙලෝ හසරක් දන්නේ නැති අය දැන් බොරුවට කෑ ගහනවා.
බලන්න ඒකෙත් හැටි. අපි හීනෙකින් වත් හිතුවද අපේ ජීවිත කාලේදී අපට 138 බස් එකේ නැඟල රීගල් එක ලඟින් බැහැල හෙක්ටයාර් ගානකින් "ලොකු රටක්" බවට පත්වෙන්න යන චීනෙට පයින් යන්න පුලුවන් වෙන සෞභාග්‍යමත් දවසක් උදාවෙයි කියලා...