
(දයාරත්න ඇඹෝගම)
පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය.
සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැය කොට තිබු බවට විදුහල්පතිවරියට චෝදනා එල්ලවි තිබුණි.
එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් හා පාසල් දරුවන්ගේ මාපියන් මේ සම්බන්ධයෙන් කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව සිදුකළ පැමිණිලි මත මේ සම්බන්ධයෙන් බලධාරින් පරික්ෂණයක් ආරම්භ කොට තිබුණි.
දරුවන්ට මෙදින ආහාර පාසලින් නොසපයන බැවින් නිවසින් ලබාදෙන ලෙසට මාපියන්ට දැණුම්දි පාසලින් දරුවන්ට ආහාර ලබාදුන් බවට ව්‍යාජ වවුචර්පත් සකස් කොට මුදල් වංචාකර ඇති බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවි තිබේ.
එම වංචාකළ මුදලින් පාසල් දරුවන්ට ආහාර සපයන සැපයුම්කරුලවා සැමියාගේ උපන් දින සාදයට කිරිබත්,කොකිස්,කට්ටලට් හා කඩල පිසා ගෙන තිබු බවත් මාපියන් සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ කාලයේදී චෝදනාවට ලක්ව සිටි විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිණියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබා සිටිය ද විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්විම අත්හිටුවිමට පියවර ගෙන ඇති බවත් උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ රජයේ නිළධාරින් විසින් සිදුකළ හැකි වරදවල් සම්බන්ධ පළමුව්ක් උපලේඛනයේ (07) වැනි වරද ලෙස දක්වා තියෙන්නේ රජයේ මුදල් සාවද්‍ය හෝ අයථා ලෙසට පරිහරණය කිරීමයි පත්වීම් අරගෙන තියෙන්නේ ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කරලානේ මූලික විමර්ශනයේදී හෝ විධිමත් විනය පරීක්ෂණයක් මගින් වරදකරු වෙලා නිසා සේවයෙන් පහකිරීම බලධාරීන්ගේ වගකීමක් වෙනවා.
අනිවාර්යයෙන්ම උග්‍ර බයි සපෝටර් කෙනෙක්. ඒ කාලේ වුණා නම් ඕක ලේසියෙන්ම යටගහලා. අටපිරිකර දෙන්නත් ජනතා මුදල් ගන්න නායකයින්ගේ ආදර්ශය ගත් පිනෙක්...
අපි ඉස්කෝලේ යන කාලේ හිටපු ගුරුවරු එයාලාගේ කෑම එකත් කුසගින්නේ හිටිය දරුවන්ට දුන්නා, මොකද ඒ කාලේ පාසල් වලින් කෑම දුන්නේ නෑ. නමුත් දැන් ඉන්න අය... හොඳ අයත් නැතුවා නොවෙයි..
වැසිකිළි වලකට බැස්සා නම් කව්රුත් ශාප කරන්නේ නෑ.
දෙයියෝ සාක්කි කිව්වලු...
ගෞරවනීය වෘත්තීයකට කලු පැල්ලමක් එකතුකල කෙනෙක්...
මේ වගේ අය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ. ළමයි හරියට අවබෝධය ලබාගත්තොත් හොරකම් කරන්න බැරිවෙනවා...
මෙම කාන්තාව රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට සුදුසු නොවේ. මෙම කාන්තාවට අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැක.
පුදුම මිනිස්සුනේ... මෙහෙම අයව තනතුරුවල තියන්න සුදුසු නැහැ. දරුවන්ට දෙන දේවල් හොරාකන්න පුළුවන්ද මෙහෙම... තනතුරින් පහ කරන්න ඕනෑ.
දෙමව්පියෝ වගේ ඉන්න ඕනේ අය මෙහෙම කරන්නේ මොන හිතකින්ද?
මනුස්සයත් නොම්මර එකේ හොරෙක් වෙන්න ඕනෑ. හොද ප්‍රතිපත්ති ගරුක කෙනෙක් නම් එවැනි දේවල් කරන්න එපා කියලා අවවාද කරලා ඇති. මෙයාගේත් වත්කම් ගැන හොයලා බලන්නයි තියෙන්නේ.