(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි පළමු වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීයැයි කියන සිද්ධියක් ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මැයි රැළියට සහභාගි වු දරුවකුගේ පියෙකු විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත. එම පාසලේ ගුරුවරුන් තිදෙනකු මෙම සිසුන් රැගෙන ගිය බවට රුළියට සහභාගි වු සිසු සිසුවියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදුන් ලිපියේ සදහන් වි තිබේ. එම දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක්ද අය කරගෙන ඇතැයි ද එහි සඳහන්ය.
අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ කොළඹ බලා පිටත්ව වී ඇති සිසුන් පසුදින අලූයම කොළඹට පැමිණි පසුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබෙන බවත්, ඉන්පසුව තමන් ජනතා විමුක්ති මැයි රැළිය ආරම්භක ස්ථානය වෙත රැගෙන ගොස් රතු තොප්පි ලබා දි මැයි පෙළපාලියට සහභාගි කර ගත් බවත් සිසුන් ඉදිරිපත් කරන ලද ලිපියේ සදහන් වී ඇත.
වරාපිටිය විදුහලේ විදුහල්පති සේනක බංඩාර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා බවත් මේ ගැන සියලූ තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවත් ය.
මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස පැවසුවේ වරාපිටිය ගම්මානයේ දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ ගැන පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ ගුරුවරයකු පොල්ලකින් තමන්ට පහර දීමට පැමිණි බවයි.
පසුව තමන් 119 දුරකථන අංකයට දැනුම් දි මහ ඔය පොලීසියෙන් පැමිණි පසු මේ ගැන සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත් ඒ මහතා පැවසීය.මෙම ගුරුවරයාගෙන් ලැබුණ විරෝධය නිසා පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ මහතා කීවේය.
මේ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු මගින් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහුගේ වාර්තාව පැමිණි පසු මේ සම්බන්ධයෙන් විනයාණුකුල පියවරක් ගන්නා බවත් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
470
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වරාපිටියේ සිසුන් ජවිපෙ මැයි රැළියට ගෙන ගියාදැයි සොයයි
kumar (galf) Tuesday, 11 July 2017 12:55 PM
ආයේ ජවිපෙ රටේ තරුණ ළමය් ටික නොමග ඇරලා පාලම් හන්දි ගානේ මරාදම්මවන්න තමා හදන්නේ. ලෝකේ කොහෙවත් සාර්ථක නූන කොමිනිස් ක්‍රම මේහේ ගොඩගන්න හදනවා.
sugath Wednesday, 12 July 2017 12:49 AM
ජ.වී.පෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ පක්ෂයක්. අනිත් කට්ටියට චෝදනා කලත් එයාල කරන්නෙත් ඒවම තමයි.
Bandara Wednesday, 12 July 2017 06:34 AM
ජවිපෙ බලයට පැමිණියොත් පවතින ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී ඒකාධිපති පාලනයක් ඇතිවන බව එයට ආවඩන බහතරයක් දෙනා නොදනී.
nimal Wednesday, 12 July 2017 08:16 AM
මෝඩ වෙන්න එපා. අලුත් විදියට හිතන්න. දෙගොල්ලෝම කරපු රට දැන් පත් වෙලා තියන තත්වය ගැන හිතමු.