(නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටින නාවික ලූතිනන් ප‍්‍රසාද් චන්දන කුමාර හෙවත් ‘සම්පත්’ නැමැත්තා අතුරුදන් වී ඇතැයි ඔහුගේ බිරිද කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
තම සැමියා රැකියාවට ගොස් නැවත නොපැමිණී බව සදහන් කරමින් නාවික ලූතිනන් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතාගේ බිරිද වූ චතුරිකා නදීෂානී වීරවික‍්‍රම මහත්මිය විසින් මෙම පැමිණීල්ල වැල්ලම්පිටිය පොලීසියට සිදුකරනු ලැබ ඇත්තේ ඉකුත් අපේ‍්‍රල් 24 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පසුගියදාක සිංගප්පුරුවේ ඉන්නවා දැකල තියනවා කියල මන්ත්‍රීවරයෙක් කිව්වා නේද ..
ඔහු තමයි මේ අපරාධයේ චූදිතයන්ගේ ඉරණම විසඳන කළු පෙට්ටිය.. අපරාධ වසන් කර යටගහන්න දක්ෂයන් ලංකාවේ ඉන්නවා ..
වරෙන්තු දැක්කම අතුරුදහන් වෙන්න හිතෙන්න ඇති. දසනායක මහත්තයා තාමත් රිමාන්ඩ්. නියම යහපාලනයක්...
හොයලා බලලා කියන්නම්කො මිලානෝ සාන්ත අගෝස්තීනෝ හරි සාරා පැත්තේ හරි ඉන්නවද කියලා.
ඔන්න අපේ රටේ නීති පද්ධතියේ තියෙන හිඩැස්.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහකාරයා ලෙස කටයුතු කළේද නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ වේ. හිතල බලන්නකෝ කොහොමද සහ මොකටද මෙයා අතුරුදහන් වුනේ කියලා...? නීතිය පොඩි මිනිහට පමණයි.