( ලහිරු හර්ෂණ )
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.
අරුවක්කාලු කසල අංගනයට එරෙහිව ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලි සිටිති.
විරෝධතාකරුවන් 500 කට අධික පිරිසක් මෙයට එක්ව සිටින අතර ඔවුහු මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටිති.
ඒ අවට මාර්ග රථ වාහන තදබදයක්ද පවති.
තත්ත්වය පාලනය සඳහා පොලීසිය,කැරලි මර්ධන හමුදාව,පොලිස් කොස්තාපල්වරියන් ඇතුළු ආරක්ෂක අංශද කැඳවා තිබේ.
මාර්ග බාධක යොදා මේ වන විට මාර්ගය මුළුමනින්ම වසා දමා ආරක්ෂාවද තර කර තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අදනේ දන්නේ ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන හමුදා මැදපෙරදිග මෙහෙයුම් වලට සහභාගී වෙනවා කියල