සිරාජ් හසීම්
විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ වලිගයේ එල්ලී සිටීමෙන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට නොහැකි වී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය අන්නාමලෙයි වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.
දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල බෙදීමක් මෙතෙක් හිමිව නැති බවත් බලතල බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් තවදුරටත් අරගල කිරීමට සිදුව තිබෙන බවත්, අරගල කිරීමේ හැඟීමක් දෙමළ සන්ධානයට නැති බවත් පෙරුමාල් මහතා අවධාරණය කළේය.
දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(16) යාපනය වයි.එම්.සී.ඒ ශාලාවේදී අද එළිදැක්වූ අවස්ථාවේදී හෙතෙම මේ අදහස් පල කළේය.
‘‘දෙමළ ජාතික සන්ධානයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පුමුඛ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත් වෙලා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ හා එකතු වුණා .සති දෙකකට පෙර උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ද මැතිවරණයේදී පක්ෂය ගැන නොබලා වැදගත් නියෝජිතයා තෝරා ගන්නැයි අවධාරණය කළා. දෙමළ ජාතික සන්ධානය තුළ දෙදරීමක් ඇති වුණේ ඒ සමගයි.
එම දෙදරීම නිසාම අපේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානයට එකතු කරගන්න සාකච්ඡා පැවැත්වුවා. දෙමළ ජාතික සන්ධානය රජය පිටිපස්සෙ ගිහිං වළිගයේ එල්ලිලා ඉන්න එකෙන් දෙමළ ජනතාව පිළිගන්නා බලතල බෙදීමක් නොලැබී තිබෙනවා. මේ නිසා දැන් බලතල බෙදීමක් සහිත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසදුම් ගෙන එන්න අරගල කරන්න සිදුවෙලා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම් ගේන්න අපට තියෙන හැගීම හා කැපකිරීම දෙමළ ජාතික සන්ධානයට නැහැ. මෙය කණගාටුවට කරුණක්. ‘‘ යැයි ද පෙරුමාල් මහතා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වරදරාජා පෙරුමාල්ගෙන් සම්පන්දන්ට දෝස්මුරයක්
සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 07:15 PM
මොහු වහාම අත්අඩංගුවට ගත යුතුයි. මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
dandadasa Wednesday, 17 January 2018 02:52 AM
බල්ලය බෙදල විසදෙන්නේ දේශපාලකයන්ගේ ප්‍රශ්නයි. සා.පෙ . වත් නැති උන්ට මහා රජාල වගේ ඉන්න පුළුවන්. තඩි ,තඩි වාහනවල යන්නේ.
සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 03:52 AM
උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර රටින් පැන ගිය ඉන්ඳියානු රූකඩයක් වූ හිටපු මහ ඇමති වරයා. ශ්‍රී ලංකා ආණ්ඬුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මොහු වහාම අත් අඩංගුවට ගත යුතුයි. සම්බන්ඳන් මහතා මොහුට වඩා ඉතා යහපත් ගෞරවණීය දේශපාලකයෙක්.
upali Wednesday, 17 January 2018 04:07 AM
සූ ගාලා දහදෙනෙක් විතර ඉන්නවා.
de silva Thursday, 18 January 2018 10:34 AM
ඉන්න සෙනග දැකල සම්බන්ධන් බයවෙලා ඇති.........ඔය පළාත්සභා අහෝසිකළ යුතුයි