IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘වාර්තා දුන්නත් ඇමතුම් කාගේදැයි කියන්න බෑ‘

(අජිත්ලාල් ශාන්තඋදය) 


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති මොබිටෙල් දුරකතන කිහිපයක් සම්බන්‍ධවූ විශ්ලේෂණ වාර්තා ලබාදුන්නත් එම වාර්තාව අනුව එකී දුරකතන ඇමතුම් ලබාගත් පුද්ගලයන් කවුරුන්ද යන් කිව නොහැකි බව මොබිටෙල් දුරකතන සමාගමේ ආරක්‍ෂක කළමනාකරු වූ සිදත් මහේන්ද්‍ර නාගාහවත්ත  මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය.


ඔහු මේ බව පැසුවේ පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ 2015 ජනවාරි 04දා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දමමින් සැරසිලි කළ පිරිසකට වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරිම සහ තවත් දෙදෙනෙකුට මරණිය තුවාල සිදුකිරීම සම්බන්‍ධයෙන් ඊෆය් (16)  පැවැති නඩු විභාගයේ දී සාක්කි දෙමිනි. 


රත්නපුර මහාධිකරණ බලසීමාවට අයත් කහවත්ත නගරයේදී වර්ෂ 2015 ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක්ව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරීමේ අරමුණු කරගෙන නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් එම ක‍්‍රියා කලාපයේදීම වීරස්හගේ කරුනාදාස වීරසිංහ සහ මොහොමඞ් ඉල්පාම් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, එකී ක‍්‍රියාකලාපයේදීම දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම යන චෝදනා ඇතුලූව අධි චෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් ගොනුකර තිබේ.


සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයතොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සිලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උඩකන්දගේ තිලංක ප‍්‍රදීප්, උරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනා පිළිවෙලින්  මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.


මොබිටෙල් ජංගම දුරකතන සමාගමේ ආරක්‍ෂක කළමනාකරුවූ සිදත් මහේන්ද්‍ර නාගාහවත්ත මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය.



අදහස් (1)

‘වාර්තා දුන්නත් ඇමතුම් කාගේදැයි කියන්න බෑ‘

chanrara-kuwait Thursday, 17 May 2018 06:38 AM

පුවත පැහැදිලි මදි. ඇමතුම් කාගේදැයි කියන්න බෑ කියල අදහස් කලේ, ඇමතුම් කාගේදැයි කියල හොයන්න හැකියාවක් නෑ කියන එකද නැත්නම් තොරතුරු දෙන්න ප්‍රතික්ෂේප කරනවා කියන එකද?

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 125 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site