තරිඳු ජයවර්ධන
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන බැවින් අද රාත්‍රී වන්නට පෙර දුම්රිය වර්ජනයට විසඳුම් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
දුම්රිය වර්ජනය දිගටම පැවැතියහොත් සාමාන්‍ය පෙළ විභාගයට යන සිසුන්ට දැඩි බලපෑම් එල්ල වන බවත්, එවැනි ගැටළුවක් ඇතිවුවහොත් ආණ්ඩුව එහි වගකීම බාර ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
දුම්රිය වර්ජකයන් ගැන වැරදි මතයක් සමාජ ගත වීමට ඉඩ තබනවා වෙනුවට ඔවුන් සමඟ සාකච්ඡා කර අද රාත්‍රී 12ට පෙර වැඩ වර්ජනය නතර කර වීමට පියවර ගන්නා ලෙස එම ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. සංගමය ආණ්ඩුවේ වගකීම ගැටළු විසඳීම බව ද ස්ටාලින් මහතා අවධාරණය කරයි.

COMMENTS
හමුදාවේ කණ්ඩායමක් වහාම ඉන්දියාව හෝ පාකිස්තානයට හෝ වෙනයම් රටකට යවා දුම්රිය පාඨමාලාවක් හදාරවන්න. නැවත මෙවන් කඩාකප්පල්කාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙන්න. මේවා සාධාරණ ඉල්ලීම් නොවේ..... බංකොලොත් පක්ෂවල කොන්ත්‍රාත්තු තමයි.
සා.පෙළ සිසුනි, අමාරුවෙන් ත්‍රී විල් එකක හරි පාපැදියක හරි ගොසින් විභාගය ලියන්න. අනාගතයට ඔබට ඉතිරි වන්නේ එපමණයි.
මේ කාලකන්නි ආණ්ඩුවක් නිසා දුක් විඳින්න වෙලා තියෙන්නේ අහිංසක දරුවන්ටයි.
මේ දවස් වල වාහන වලින් යන අය විභාගෙට යන කෙනෙක් පාරේදී දැක්කොත් තම ගමන පසෙකලා පිහිට වීමට කාරුණික වන්න. අපි ලාංකිකයෝය.
මේ වර්ජනය පැහැදිලිවම සාමාන්‍ය පෙළ විභාග කාලය ඉලක්ක කරගෙන කරන ලද්දක්. මෙවැනි තර්ජනයකදී බහුතර මහජනයාගේ සුභ සිද්ධිය සඳහා පියවරක් ගත නොහැකි ආණ්ඩුවක ඇති පලය කුමක්ද?