(මහේෂ් කිර්තිරත්න)
මාතලේ, වරකාමුර ප‍්‍රදේශයේදී ඇතිවූ ගැටුමින් පසු ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කිසියම් නාම පුවරුවක් සම්බන්ධයෙන් ඇතිව කතාබහක් දුරදිගයාම නිසා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවූ බවද, තවුහීත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවු බවද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ තවුහීත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුළු පවුලේ පිරිස එම ස්ථානයේ සිට ඇති බවද පොලිසිය කියයි.
මාතලේ මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමථයටකට පත් කළ අතර මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත. මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඔය සංවිධාන තහනම් කරලා නේද තියෙන්නෙ ? එතකොට නාමපුවරු ගහගෙන ඉන්නෙ කොහොමද ?