IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදෙන්න වැයවූ මුදල කෝටි 5000ක්

 

(ඩයනා උදයංගනී)

දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකට බලපෑ වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදීම වෙනුවෙන් මේ වසරේ ගතවූ කාලයේදී රුපියල් කෝටි 5000ක මුදලක් වැය කරන්නට සිදුවූ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක‍්‍රිස්ටිලාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඉකුත් 2015 වසරෙන් පසු කාලය මෙරටට වැඩි වශයෙන් ආපදා ඇති වූ කාලයක් බව ද අතිරේක ලේකම්වරයා සඳහක් කළේය.

ඉන් වැඩිම හානි සිදුවූයේ ගං වතුර හේතුවෙන් බව ද ඔහු කියා සිටියේය.

අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ ආපදා වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී අද (6) පැවති වැඩමුළුවක් අමතමිනි.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය , සර්වෝදය ෆියුෂන් ආයතනය හා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.



අදහස් (1)

වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදෙන්න වැයවූ මුදල කෝටි 5000ක්

senarath Monday, 06 August 2018 05:27 PM

මේකෙන් වැඩිකොටස ගසාකන්න ඇති. නැතිනම් කොටි 5000 කින් ස්ථිරව ජලය ලබා දෙන්නත් පුලුවන්නේ විශාල ප්‍රදේශයකට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site