තරිඳු ජයවර්ධන
අද රාත්‍රී සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියයි.
නුවර ඇති වූ කළහකාරී සිදුවීම් සමඟ වට්ස්අප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීමේ අවස්ථාව ඇහිරීමට රජය පියවර ගෙන තිබිණි.
නැවත සමාජ ජාල වෙත පිවිසීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ මූලික පියවරක් ලෙස අද (13) රාත්‍රියේ සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ රැසක් අපහසුතාවට පත්වූහ.
ගෙවුණු දින කිහිපයේ සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.
නාලක ගුණවර්ධන, සංජන හත්තොටුව වැනි සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය ගත් තීරණය වැරදි බවයි.
COMMENTS
මේවට කොහෙන් හිනාවෙන්නද කියල තේරෙන්නේ නැහැ.
මෙයාලාට නම් ලබන ඡන්දෙදි යන එන මං නැතිවෙනවා.
ඇයි අපරාදෙනේ, ටෙලිපොනුත් තහනම් කලානම් ඉවරයි. නොගැලපෙන අය නොගැලපෙන තැන්වලට අපේ ඡන්දෙන් පත්කළාට අපිට මේවා හොඳ පාඩම්..
යහපතට මෙන්ම අයහපත් දේ කිරිමටද මේ සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන නිසා ඇත්තටම මේවා යම් තරමකට හෝ පාලනය කල යුතුයි. විශේෂයෙන්ම මේවා පරිහරණය කරන්නන් එම සමාජ ජාල තුල ලියා පදිංචි වන ලෙසම යම් රාජය ආයාතනයක් තුලත් ලියාපදිංචි කලා නම් මේ සමාජ මාධ්‍ය ජාලයන් අවභාවිතා කරමින් කරන පහත් හා දුර්ජන ක්‍රියා යම් තරමක් දුරට හෝ පාලනය කල හැකි අතර එවැනී ක්‍රියාවන්හී යෙදෙන තැනැත්තන් පහසුවෙන් හදුනා ගැනිමටද මෙමගින් උපකාර වනු ඇති.
හොඳ සතුටුදායක තීරණයක් .
එක මකුණයි කන්නේ.. ඇයි ඔක්කොම මකුණො මරන්නෙ.. වැරදි කරන අයට දඬුවම් දෙනවා වෙනුවට රජයේ නොහැකියාව ප්‍රදර්ශනය කළා
"මෙයාලාට නම් ලබන ඡන්දෙදි යන එන මං නැතිවෙනවා." ලබන ඡන්දෙදි මේගොල්ලන්ට බේරෙන්න තමයි මේවා කොරන්නනේ. ගිය සැරෙත් සමාජ ජාල මගින් දුන්න වැඩේ නියමෙට.