(නිමන්ති රණසිංහ)
ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මාස්පොත පාර, පිළියන්දල පදිංචි සමන්මලී අල්විස් නැමැති සැලසුම් කළමනාකාරිනියක ලෙස සේවය කළ තැනැත්තියකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තේ කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසිනි.
තමන්ගේ ජංගම දුරකතයේ තිබූ “වට්ස්අප්” තාක්ෂණයෙන් හුවමාරුකරගත් ව්‍යාපාරික රහස් ඇතුළත් ගොනු මෙන්ම හඬපට ද ඇතුලු දේ බලෙන් ලබාගෙන ඒවා ප්‍රචාරය නොකර සිටීමට මෙම කප්පම් මුදල සැකකාරිය විසින් ඉල්ලූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.
COMMENTS
සැලසුම් කළමනාකාරිය හැටියට සැලසුම් කරන්න බැරිවෙලා...
අද දුරකථන මගින් සිදුකරන ඕනෙම හොරකමක, තර්ජනයක සුල මුල සොයාගැනීමට පොලිසියට යන්නේ ඉතාමත් සුළු වෙලාවක්... අද පොලිසිය තාක්ෂණය අතින් වඩා ඉදිරියෙන් සිටින බව සියලු අපරාධකරුවන් සිහි තබාගත යුතුයි...
මෙහෙමත් හොර කප්පම් ගන්න ගෑණුත් අපේ රටේ ඉන්නවනේ
අද කාලේ උගත් හොඳයයි සම්මත රැකියාවල් කරන තරුණ සමහර ගැහැණු අයගේ හැසිරීම මෙයයි. මේ බව වටහාගෙන පොලිසි, උසාවිවල කටයුතු කළ යුතුයි.
එහෙනම්, කාන්තාවනුත් කප්පම් ඉල්ලනවා. බලමු බලමු...
දුරකථන සේවා සපයන ආයතන විසින් අයෙක් භාවිතා කළ අංකයක් වෙනත් අයකුට ලබාදීම තුළින් මුල් හිමිකරු සතු සාමාජ ජාල ගිණුම් හා ඇතැම් වෙනත් ගිණුම් තුළට ප්‍රවේශවීමට පසු හිමිකරුට අවස්ථාව ලැබේ. මෙය ඉක්මන් පියවර ගෙන පිළියම් යෙදිය යුතු ඉතා අවදානම් සහිත තත්වයකි.
කමෙන්ට් බැලුවාම නම් නඩු අහලා චූදිතයන් වැරැදිකාරයන් කරලත් ඉවරයි. මේක පළිගැනීමකට එල්ල කළ බොරු චෝදනාවක් වෙන්න බැරිද?