නිශාන්ත කුමාර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත දින කීපයක ඉදිකිරීම් වලින් පසුව හිටි හැටියේම නතර කර දැමූ බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර වියානා ඇල පිහිටි මාර්ගයේ කිලෝමීටර් අටක කොටස තුළ පිහිටි අනාරක්ෂිත ස්ථාන ආවරණය කෙරෙන පරිදි ඉදිකෙරෙන මෙම ආරක්ෂිත වැටේ ඉදිකිරීම් කටයුතු සඳහා රජය මගින් රුපියල් මිලියන 54 ක මුදලක් ලබා දී ඇතැයි ව්‍යාපෘතිය බාරව කටයුතු කරන මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා පැවැසීය.
අදාළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන ආරක්ෂිත වැටේ දිග මිටර් 4650 කි.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී කේ එම් ගලප්පත්ති මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මස අවසන් වීමට පෙර මාර්ගයේ සියලුම අනාරක්ෂිත ස්ථාන සඳහා ආරක්ෂිත වැටවල් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයිද විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවැසීය.
ආරක්ෂිත වැටේ ඉදිකිරීම් කටයුතු වලට සමගාමීව ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක් පමණ වූ අදාළ මාර්ග කොටස තුළ වේග සීමා ඉරි, අනතුරුදායක බව දැක්වෙන නාම පුවරු මෙන්ම විවිධ මාර්ග සංඥා පුවරු සවිකිරීමටද පියවර ගෙන ඇතැයි ලිංගේෂ්වරන් මහතාවැඩිදුරටත් පැවැසීය.
2025 නොවැම්බර් මස 04
415
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2187
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියානා ඇළේ ආරක්ෂිත වැට යළි ඉදිකෙරේ
chapa Thursday, 09 August 2018 04:39 PM
ඉතාම යහපත් කාර්යයක්. වටිනා ජීවිත කීයක් අහිමි උනාද ?
shan saudi Saturday, 11 August 2018 07:02 AM
ඉතාම යහපත් කාර්යයක්. වටිනා ජීවිත කීයක් අහිමි වුණාද? රටේ ජනතාවගේ ආරක්ෂාව හා පරිස්සම ලබාදීම හා රැකදීම ඕනෑම රජයක වගකීමයි.. ජනපතිට ස්තුතියි.