( ආනන්ද ඊ ජයකොඩි)
ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අත්තනගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කළාය.
සිද්ධිය වු ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරිය එහි මුලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.
සිද්ධියට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය.
ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර දියණිය අද (05) මිය ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd