(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (02) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
වියට්නාම් ගුවන් සේවයේ වී.ජේ.- 5968 දරන ගුවන් යානයෙන් වියට්නාමයේ හෝචිමිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් එකක කියනවා ඇහුණා ඉන්දියාවේ සිට පැමිණි කෙනෙකුට කොරෝනා හැදිලා කියලා. මේ අය සිවිල් සමාජයට මුදා හැරීමට පෙර මීට වඩා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි නේද? ඔවුන් පාවිච්චි කළ පොදු වැසිකිලියක් ගැනද එහිදී කියවුණා. පිටරටවල සිට පැමිණෙන අය මීට වඩා කාලයක් පරික්ෂා කළ යුතුයි නේද? මොවුන් අප කොන් කරනවා නොවෙයි. එහෙත් මේ ලෙඩේ නැවතත් සමාජගත වුවහොත් මොනතරම් හිරිහැර, කරදර ජනතාවට විඳින්නට සිදුවෙනවද? දැන් සමාජයේ වයිරස් එක නැතැයි උපකල්පනය කළ හැකියි. දැන් පරිස්සම් විය යුත්තේ පිටරට සිට පැමිණෙන අයගෙනි. නැවතත් වෛරසය සමාජයට කුමන හේතුවකින් හෝ පැමිණියහොත් රටත්, අපත් සුනේ සුන් ...!!! එබැවින්, පිටරට සිට පැමිණෙන අයගේ තිබෙන වෛරසය ගැන මීටවඩා වගකීමකින් ක්‍රියා කළයුතු නොවේද?