(පුෂ්පකුමාර ජයරත්න)
මුදල් දෙගුණ කිරීමේ ජාවාරම් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන රුපියල් පන්දහසේ නෝට්ටු සහ ව්‍යාජ මුදල් නෝට්ටු විශාල තොගයක්ද සමඟ කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු අද (03) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි.
කුරූණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි එම ව්‍යාපාරිකයාට අයත් නිවෙසක් අද අලුයම වටලා මෙම මුදල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් පන්දහසේ නියම නෝට්ටු සමඟ මෙරට භාවිතයේ නොමැති ව්‍යාජ රුපියල් පනස් දහසේ නෝට්ටු තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අසුරා තිබු පෙට්ටියේ යටට ව්‍යාජ මුදල් නෝට්ටු දමා එම මුදල් වැසී යන අයුරින් නියම පන්දහසේ මුදල් අසුරා තිබු බව පැවසු පොලීසිය එසේ ව්‍යාජ නොට්ටු යොදා සැකසු මුදල් බණ්ඩල් 07 ක්, ව්‍යාජ පනස් දහසේ මුදල් යොදා සකස් කළ බණ්ඩල් 414 ක්ද සොයාගත් බව සඳහන් කරයි.


2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
saman Thursday, 04 October 2018 07:57 AM
අනේ මේ වගේ මෝඩ රැලක්.................