(කරුණාරත්න ගමගේ - පොලොන්නරුව)
මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමග (29) රාත්‍රී 11.00 ට පමණ අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම සෙබළුන් දෙදෙනා සතුව රුපියල් 5000 සහ රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මොවු න් විසින් යුද හමුදා කඳවුර තුළ පිහිටි ආපනශාලාවට මුදල් ගෙවීමක් කිරීමට යාමේදී මේ ව්‍යාජ මුදල් නෝට්ටු හමුවී තිබේ.
හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මූලික විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව සැකකාර සෙබළුන් දෙදෙනා සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු අරලගංවිල පොලිසියට බාරදී ඇත.
මේ ව්‍යාජ මුදල් නෝට්ටු යුද හමුදා සෙබළුන් දෙදෙනා අතට පත් වූයේ කෙසේද යන්න සොයා බලන බව පොලිස් නිලධාරීහු පැවසූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.