IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ 3ක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය)

ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ තරුණ පෙම්වතුන් යුවලක් සහ ඔවුනට ඊට අනුබල දුන් සාමදාන විනිසුරුවරයෙක් රුපියල් 1,37,020ක ව්‍යාජ මුදල් නෝට්ටු, ඒවා සකස් කිරිමට  යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, මෝටර් රථයක් සමග ජංගම දුරකතන 2ක් අද (11) දහවල් කුරුවිට පොලිසිය විසින් කුරුවිට මණ්ඩදෙණිය ප්‍රදේශයේ නිවසක් වටලා අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුවිට පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිලක් රත්නායක මහතාට ලද තොරතුරක් අනුව කළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 21ක් ද, රුපියල් 500 ව්‍යාජ නොට්ටු 34ක් ද, රුපියල් 10 ව්‍යාජ නොට්ටු 02ක් ද තිබී ඒවා පොලීසිය භාරයට ගනු ලැබීය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසිය වෙත බාරදීමට නියමිතය.
කුරුවිට දොඩම්පේ මණ්ඩදෙනිය ප්‍රදේශයේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරගෙන ගිය නිවස වැඩ නිම නොකළ එකකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකාර තරුණයා අනුරාධපුර, ලේකොළවැව, මහගල්කඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි. ඔහුගේ පෙම්වතිය බව කියන 21 හැවිරිදි තරුණියගේ නිවසේ මෙම මුද්‍රණ කටයුතු පවත්වාගෙන ගොස් තිබුණි. මුලු දිවයිනටම සාමදාන විනිසුරු තනතුර ලැබු 44 හැවිරිදි තැනැත්තා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට, ඒවා මාරු කිරිමට අනුබල සහ දායක වූ අයෙක් බවට තොරතුරු ඇති බවද පොලිසිය සඳහන් කරයි.

රත්නපුර, කුරුවිට සහ අවට ප්‍රදේශවල මෙම ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කරමින් ගණුදෙනු කර ඇතිබවට ද තොරතුරු පොලිසියට ලැබී තිබුණි. බැලූ බැල්මට කෙනෙකුට අඳුනාගත නොහැකි ලෙස දිය සලකුණ හැර අනෙකුත් රහස් සංකේත එම මුදල් නෝට්ටුවල අඩංගු කර තිබූ බව ද පොලිසිය පැවසීය.

සැකකාර තරුණයා විසින් කුලී පදනම මත ගත් මෝටර් රථයක්ද අත්අඩංගුවට ගැනුන අතර මෙම ව්‍යාජ මුදල් පිටස්තර ප්‍රදේශවලට ගෙන යාමට සහ ව්‍යාජ මුදල් මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි, තීන්ත ආදිය ගෙන ඒමට එම මෝටර් රථය යොදාගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.

 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසිය වෙත බාරදෙනු ලැබීය. සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී.එල්.පී. සඳුන්ගහවත්ත, රත්නපුර පොලිස් අධිකාරි සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඒ. ලෙවන්ගම  යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු වැටලීම සිදුකළහ. 



අදහස් (2)

ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ 3ක් අත්අඩංගුවට

Rohana Sunday, 12 July 2020 02:52 AM

මේවා තමයි දේශීය කර්මාන්ත කියන්නේ. හොඳ ව්‍යවසායකයෙක්. ප්‍රශ්නයකට තිබෙන්නේ තම හැකියාව හොර වැඩකට යොදාගෙන රටම වංචා කිරීමට කටයුතු කිරීමයි.

:       0       0

sharm warn Monday, 13 July 2020 03:11 AM

දැන් මෙයාලව ඇප දීලා ගෙදර යවයි. එතකොට මේගොල්ලෝ ආයෙමත් බිස්නස් එක පටන් ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 999 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site