ඉන්දිකා රාමනායක
රුපියල් 5000 සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 21 සමඟ පුද්ගලයන් දෙදෙනෙකු යාපනය වඩුකෝට්ටේ පොන්නාලෙයි හංදියේ දී අද (11) දහවල් අත්අඩංගුවට ගත් බව වඩුක්කෝට්ටේ පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා පොන්නාලේ හන්දියේ වෙළෙඳසැල් කිහිපයක් වෙත ගොස් මෙම ව්‍යාජ මුදල් මාරු කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා සතුව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 20 ක් හා දහසේ නෝට්ටුවක් තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මොවුන් නල්ලූර් ප‍්‍රදේශයේ නිවසක තිබී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන තිබු මුද්‍රණ යන්ත‍්‍රයක් හා ලැප්ටොප් යන්ත‍්‍රයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
යාපනය ප‍්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු ගැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ නෝට්ටු 21 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට