ව්‍යාජ මැලේසියා ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අද(12) අත්අඩංගුවට ගනු ලැබීය.
එම පුද්ගලයා ඕමානයේ මස්කට් නුවර සිට අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මැලේසියා ගුවන්ගමන් බලපත්‍රයක් අතැතිව පැමිණීමේ පර්යන්තයේ පිහිටි ආගමන විගමන කවුළුව වෙත නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි මොහොතේ මතු වූ සැකයක් මත ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔහු සතු මැලේසියා ගුවන්ගමන් බලපත ව්‍යාජ එකක් බව තහවුරු කර ගැනුණු පසු මොහුගේ අනන්‍යතාව ද තහවුරු කර ගැනිණි.
මැලේසියානු ගමන් බලපතෙහි තිබූ ඡායාරූපය මොහුගේ වුවත් නම සහ අනෙකුත් විස්තර මොහුගේ නො වන බවත් සන්ජේ කලෛචෙල්වන් නමින් පෙනී සිටි මොහුගේ සැබෑ නම සිවරාජන් මුතුරාමන් බවත් පසුව අනාවරණය කර ගනු ලැබූ බව ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.ජේ.වීරසිංහ මහතා පැවසීය.
ඉකුත් සැප්තැම්බර් 9 වැනි දා තමාට අයත් ශ්‍රී ලාංකික ගමන්බලපත්‍රයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී තැරැව්කරුවකු මාර්ගයෙන් ව්‍යාජ මැලේසියා ගමන්බලපතක් ලබාගත් මේ පුද්ගලයා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත.
යුරෝපා රටකට පැනයාමේ අරමුණින් ගමන්ගත් මෙම මගියාගේ ඊළඟට ගමනාන්තය වී ඇත්තේ ඕමානයේ මස්කට් නුවරයි. එතැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරට පැමිණි මොහොතේ දී එරට ආගමන විගමන නිලධාරීන් විසින් මෙම පුද්ගලයාට එරටට ඇතුළු වීමට අවසර ලබා නො දී නැවත ඔහු පැමිණි මස්කට් නුවරට හරවා එවනු ලැබ ඇති අතර මස්කට් නුවර සිට මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද? ඕක එච්චර දෙයක්යැ? ඕකට `කොටුවුණු` කෙනෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නේ...
කළොත් ගමන් බලපත්‍ර වංචාවක් ඒ දෙමළ අයෙක්ම තමයි. ලෝකෙටම ශාපයක් වෙලා...
දවසකට අාගමන, විගමන නීති උල්ලංඝනය කරන ලද සිද්ධින් 10ක් 15ක් සීඅයිඩී වෙත යොමු කලත් ඒවායින් කීයක් උසාවි යවනවද?
ඇයි බමුණුආරච්චි අපේ දේශප්‍රේමියයි, බිරිඳයි අමතක වුණාද?