( තිළිණි ද සිල්වා )

2009 දී ඉන්දීය රජයට එරෙහි කැරලි ගැසුවා යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයකු වූවයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරයි.

වයිකෝට එරෙහි එම නඩු විභාගය ඊයේ (19) අල්ලිකුලම් මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර එහිදී තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇප අයැදුම්පත් ඉදිරිපත් නොකරන බවත් , අදාළ නඩු විභාගයට තමන් මුහුණ දෙන බවත් වයිකෝ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ. 

2009 වසරේදී ඉන්දීය රජයට එරෙහි කැරලි ගැසූවේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් වයිකෝ දින 15 ක් රිමාන්ඩ් කිරීමට ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 3 වැනිදා නියෝග කළේය.