(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රතිත‍්‍රස්ත පනත යොදාගනිමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
විටෙක ප‍්‍රතිත‍්‍රස්ත පනත සහන පැකේජයක් බවත් තවත් විටක ඒ සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙන ඒමට ඉඩ නොදෙන බවට දැන් පවසමින් සිටින බවද සභානායකවරයා සදහන් කළේය.
ගෝලීය ත‍්‍රස්තවාදය වැලැක්විමට මහින්ද රාජපක්ෂ පාර්ශවයට අවශ්‍යතාවයක් නොමැති බවට මෙයින් පෙනි යන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැවැසීය.
COMMENTS
ප්‍රතිත්‍රස්ථ පනතෙන් වාසි ගන්න හදන්නෙ ඔයාලනෙ. මේ වෙලාවෙ අලුත් නීති ගෙනත් නැති අවුල් හදන්න එපා කියලා අගරදගුරු තුමත් කිව්වනෙ. උන්නාන්සෙ මේ වෙලාවෙ ගන්න දේශපාලන වාසිය මොකද්ද. නිකන් මෝඩ කතා නොකිය ඉන්න.
යුද්ධය ගැන සරල අදහසක් හෝ නැති මොහු වැනි චරිත වලට අද රට පත්ව ඇති තත්වය වටහා ගැනීම කිසිසේත්ම කල නොහැකිය. එහෙයින් රටක ආරක්ෂාව ගැන හෝ මේ රටට සිදුවන විපත ගැන කිසිදු හැගීමක් මොහුට නැත. මහින්ද-ෆොන්සේකා-ගෝඨා යනු ත්‍රස්තවාදය මෙහෙයවපු නායකයින්ය. ඔවුන් කියනදේ යම්පමණකින් හෝ ඇසිය යුතුය.
මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් කරේ පනත් ගෙනත් රට තව අගාධයකට ඇදගෙන යෑම. ප්‍රාදේශීය සභා සහ දහනව වෙනි සංශෝදන රට තව අවුල් කරා. ඕකෙන් වෙන්නේ තව අවුලක් ඇති වෙන එක. මෙය පරාජය කරන්න කටයුතු කරන්න ඔන.
ඕනේ කෙනෙකුට දේශපාලන වාසි ගන්න පුළුවන්නේ
හිනා යන කතා කියන්න එපා මහත්තයෝ
මොනවට පත්තර වලට මෙව්වා කියවනවද මුද්‍රණය කරලා තැපෑලට දාන්නකෝ. අපරාදේ ඔහෙලා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. යන්නකෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එහෙනේ ගෝලීය වැඩ තියෙන්නේ.
ඕනම ගොනෙක්ට.... එක්කෝ ඕනේ නැහැ.
අර කාදිනල්තුමා කියලා තිබෙන දේ දැක්කද? මේ විනාශය නොවුනා වගේ ඉන්න අයට දේව දඬුවම් තමයි ලැබෙන්නේ, තවමත් හදන්නේ තමන්ගේ බඩ රැකගන්න විතරයි.
අපේ රටේ මෙච්චර විනාසයක් වෙලත් දැන්වත් සිංහලකම රැකගන්න උත්සහ ගන්න පාටක් නම් අපේ දේසපාලුවන්ට නැහැ කියල තාම හිතෙන්නේ.
රටට ආදරය කරන ජනතාව තේරුම් අරගෙන ඉන්නේ... ඔහේලා මුස්ලිම් ඡන්ද හිඟාකන්න බලාපොරොත්තුවෙන් රටට කරන විනාශය ගැන... ඔහේලා දේශපාලන ත්‍රස්තවාදීන්. පව් නොදී ගෙදර යන්න.
මම හිතුවේ ගොන්කතා කිව්වේ පසුගිය යුද්ධය කාලේදී විතරයි කියලා...
ඉතින් තියන හොඳම දේ ඔය කියන පනත් අකුලලා කොහේ හරි ගහගත්තම ඉවරයිනේ. එතකොට මහින්දට වාසි වෙන්නේ නැහැනේ. හොඳම දේ දැන් අවුරුදු හතරක් තිස්සේ තියන මහින්ද භීතිකාව හිතෙන් අයින් කරගෙන රට ගැන හිතලා කටයුතු කරන එකයි.
මේ මනුස්සයා රෙදි ඇඳගෙනද කතා කරන්නේ කියලා එක වෙලාවකට හිතෙනවා.
මෙකේ තියන ප්‍රතිචාරවලින් පේන්නේ එකම දෙයයි. රට ගැන නොසිතා තම ඡන්ද පදනම ගැන සහ තම සුඛ විහරණය ගැන පමණක් සිතූ, බලයට ආ දින සිටම රටට සෙතක් නොකරපු, රට විනාශයට පත්කරපු නායකයින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
තියෙන නීතියකින් මේ කාලකන්නි හැතිකරේ විනාශ කරලා දාලා අපට පාරෙ බැහැලා යන්න තත්වයක් හදලා දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ... මිනීමරුවන් විනාශ කරන්න රටේ නීති මදිද?
මොවුන් වගේ අය ඉන්න කම් රටට සෙතක් වෙන්නේ නැහැ.. ඕනේ දේකට මහින්ද... මොවුන්ට අවශ්‍ය බලය විතරයි. උඩපනින මෑන් හැංගිලද?
ඕනේ ගොනෙකුට මේ වගේ කතා කියන්න පුළුවන්....
කටුගස්තොට, අකුරණ, මඩවල චෙක් කරන එක නවත්තපු කෙනා තමයි. ඡන්දෙ දුන්නු අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්...
ප්‍රති ත්‍රස්ත පනත සම්බන්දව විපක්ෂ නායක කියන ඒවා වැරදී කියා එජාපයේ එක්කෙනෙක්වත් තාම කියා නැත. ජනාකීර්ණ ස්ථානයක බෝම්බ පුපුරවන්න පැමිණි ත්‍රස්තයෙක් අත්අඩංගුවට ගත්විට එයාගේ ඥාතීන්ට හා මානව හිමිකමට දැන්විය යුතු කියා ඔය පනතේ නැද්ද?
ඕනෑම ගොනෙකුට "පර බල්ලා" කිව හැකියි. ඒ වගේම "යුද්ධත් කළ හැකියි"
ජනතාව මොන්ටිසෝරි යන්නේ නැහැ.
අනේ යන්න ඇමති තුමා , මේකෙන් වත් ගොඩ යන්න බලන්නේ කවුද කියලා ඕන ගොනෙකුට තේරෙනවා.
මොලයක් නැති අයෙක්ට ඹ්නි ගොං කතාවක් කියන්න පුළුවන්...............