IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ඉන්ධන සහ අත්‍යවශ්‍ය   භාණ්ඩ මිල ඉහළ  දැමීම සම්බන්ධයෙන් රජයට  විරෝධය පළ  කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින්  පැයකට ආසන්න කාලයක්   උද්ඝෝෂණයේ  යෙදීම නිසා පාර්ලිමේන්තුවේ   දැඩි නොසන්සුන්කාරී තත්වයක්අද(23)පෙරවරුවේ ඇතිවිය.

මේ උද්ඝෝෂණය ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් මොහොතකට පසුවය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු  ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ සහිත පුවරු සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මැතිසබයේ පැයකට ආසන්න කාලයක්  මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.

එක් අවස්ථාවකදී එම මන්ත්‍රීවරුන් සභා ගැබ මැදින් කතානායකවරයාගේ ආසනය අසලටද  පැමිණ  උද්ඝෝෂණයේ යෙදෙන අයුරු දක්නට ලැබිණ .

  ආණ්ඩු පක්ෂයේ ඇතැම්  මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  බැනවැදීම සහ විවිධ චෝදනා එල්ල කිරීම නිසා දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් බහින්බස්වීම්ද  මෙහිදී ඇතිවිය .

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණය පැවැත්වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිය අසුනේ වාඩිවී සිටියේය .

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු "ආණ්ඩුව මාරයි ගෝඨා හමාරයි ", රට රකින මිනිහා පොහොර ටික කෑවා ", "ආණ්ඩුව කැඳ හැළියක් ", "ඉන්ධන  බඩු මිල අඩු කරනු" යනාදී සටන් සටන්පාඨ සහිත පුවරු  ප්‍රදර්ශනය කරමින් මෙසේ  උද්ඝෝෂණයේ යෙදුණහ.

සමහර මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය අතරේදී  එම  සටන්පාඨ සහිත පුවරු  සිය මේස මත  රඳවනුද දක්නට ලැබිණ .

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු"රනිල් ආවා විතරයි හොඳටම බය වෙලා. ඔය උද්ඝෝෂණ කරන්නේ එතුමාට විරුද්ධවයි ." යනුවෙන් පැවසූහ .

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයේ  යෙදුණද කතානායකවරයා   මැතිසබේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන කරගෙන ගියේය.

විපක්ෂ නායකවරයා පෙර දිනක ඇසූ ප්‍රශ්නයකට  සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උද්ඝෝෂණය මැද පිළිතුරු දුන්නාය. ඇය එම ප්‍රශ්නයට පිළිතුරු දී කතාව අවසන් කළේ  විපක්ෂයේ අශෝබන හැසිරීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කරමිනි .

පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදුණු සමග ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  සභා ගැබෙන් පසුව   පිටව  යනු දක්නට ලැබිණ .

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රජයට විරෝධය පළ  සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු යතුරුපැදිවල හා කුඩා වාහනවල නැගී පාර්ලිමේන්තුවට පෙරේදා පැමිණියහ .
.

 



අදහස් (7)

විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි

hesa Wednesday, 23 June 2021 01:47 PM

දැන් සමගි ජන බලවේගය පව් අප්පා.. මෙසේ පෝස්ටර් ඔසවමින් උද්ඝෝෂණයේ යෙදෙන ලෙඩේ සජබයටත් බෝ වෙලා...!!!

:       2       7

ganegoda Wednesday, 23 June 2021 02:17 PM

අපිට ඔය කිසි දෙයක් එපා. ඉන්ධනත් එපා. අපිට අලුත් රජයක් අවශ්‍යයි. ඉතාමත් ඉක්මණින්...

:       0       33

hesaWednesday, 23 June 2021 03:05 PM

අවුරුදු 5කට වරක් ඉතින් අලුතින් දෙනවනෙ..

:       0       1

මුණසිංහ Wednesday, 23 June 2021 06:00 PM

ඔය ඉල්ලන්නේ පුතාණෝද? ඒක නම් මේ කපේදි වෙන්නේ නැහැ. ඊට වඩා මේ අය හොඳයි .

:       3       3

ගමේ එකාලා Wednesday, 23 June 2021 03:59 PM

සර්ගේ සෞභාග්‍යයේ දැක්ම. වහලුන්ට දැන් සැපද..?

:       1       3

channa Wednesday, 23 June 2021 04:15 PM

වහාම ඡන්දයක් තියන්න. එහෙම නැතිවුනොත් මහා හිංසාකාරී ජන නැගිටීමක් නැවැත්වීමට නොහැකිවනු ඇත...

:       2       10

මුණසිංහ Wednesday, 23 June 2021 06:02 PM

අපරාදෙ මහජන සල්ලි... මෙයාලා ඇවිත් 1 දාගෙන දවසට නියමිත දීමනා ටික අරගෙන ගෙදර යනවා. පිංගුත්තරයින් තමයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site