(ශාන්ත රත්නායක)
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.
ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය ඖෂධ පෙති , කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකිය.
දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත. යනුවෙන්ද ඇය පැවසුවාය.
මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා වෛද්‍යවරු රැසක්ද සහභාගි විය.

COMMENTS
මොකක්ද මේ වෙන්නෙ? ෆේස් බුක් තහනම ඉවත් කරනවත් එක්කම ඥානසාර හිමියන්ට වරෙන්තු එනවා. වඳ පෙති ගැන සම්මන්ත්රණ පටන්ගන්නවා. දැන් ආපහු ෆේස් බුක් එකේ වාද කරන්න මරාගන්න පොයින්ට් හදල දෙනවා. පේනවනෙ මේ ව්‍යාපාරයේ හැටි. සමහරවිට සමාජ ජාල සමාගම් අන්තර්ජාල සමාගම් ලංකාවේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය විදියට හඳුනාගෙන තියෙන්නෙ ජාතිවාදෙ වෙන්නැති.
පිළිකාවක් හදන්න පෙත්තකුත් තවම හොයාගෙන නැහැ එත් සමහර ඖෂධ ගත්තහම සහ කෑම වර්ග කපුවහම පිළිකා හැදෙනවා .ඒ වගේ තමයි සමහර ඖෂධ කෑම වලට දිනපතාම ටික ටික එක්කලොත් අයහපත් ප්‍රතිඵල අත් වෙන්න පුළුවන් .උදාහරණයක් හැටියට උපත් පාලන බෙහෙත් කැමට එක් කලොත් ?
අර හැම එකටම පාරට බහින, මාධ්‍ය කතා තියන ජී.එම්.ඕ.ඒ. එකේ කට්ටිය කෝ?
අපේ ෆේස්බුක් දොස්තරලා නම් මේවා පිළිගන්න එකක් නෑ
ඔය ටික කීදෙනෙක්නම් කීවාද ඒත් කවුරුත් පිළිගත්තේ නැත. අන්තවාදීන්ගේ අරමුණ කෙසේ හෝ ප්‍රශ්නයක් ඇතිකිරිම සහ එය තුලින් පටු වාසි ලබා ගැනිම. දෙපිරස අතරම අන්තවාදීන් සිටිනවා. ඔවුන් කෙසේ මෙල්ල කල යුතුයි. නැතිනනම් රටේ අනාගතය අඳුරේ.
අර හැම එකටම පාරට බහින මාධ්‍ය සාකච්චා තියන GMOA එකේ කට්ටිය කෝ? මේ ගැන මුකුත් කියන්න නැද්ද ?
දැනට ඔබගේ දැනුම අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් නැති බව සත්‍යයකි. එවැනි පෙත්තක් වෙළඳ පළේ ද තිබිය නොහැක. මන්ද වඳභාවය ඇති කලහැකි දේ ලොව පුරා කිසිවකු පාවිච්චි කරයි කියා සිතිය නොහැක. එයට වෙළඳ ඉල්ලුමක් නැත. එක් අතකින් එය ඊට ඖෂධ නිපදවීම සාදාචාර විරෝධීය. එමෙන්ම උපත් පාලනයට විවිධ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ඇති නිසා වඳභාවය වැනි අන්තයින්ට යන්න කිසිවෙකුත් කල්පනා නොකරයි. ඔබගේ අදහස සමබර නොවුණු බව පැහැදිලිය. ඔබ ඉතා පටු සීමාවක සිට අදහස් දැක්වීම ගැන සාමාන්‍ය බුද්ධියක් ඇති රටවැසියෙකු ලෙස ඉතා කණගාටු වෙමි. අද වන විට ලොව වෛද්‍ය විද්‍යාව අසීමාන්තික දියුණුවට ගොස් ඇත. ගැහැනිය - පිරිමියා හෝ පිරිමියා - ගැහැනිය කරන තැනනට වෛද්‍ය විද්‍යාව පැමිණ ඇත. එවැනි පසුබිමක වඳභාවය ඇති කිරිමට කිසියම් වෛද්‍ය විද්‍යාත්මක නිර්මාණයක් කිරීම එතරම් අසීරු දෙයක් නොවන පැහැදිලිය. ලොව පුරා විවිධ පර්යේෂණාගාර වල මේ වනවිටත් මනුෂ්‍ය පැවැත්මට හිතකර සහ අහිතකර දේ පිළිබඳ බොහෝ පර්යේෂණ පැවැත්වෙමින් ඇත. ඔබ වැනි අය කළ යුතුව ඇත්තේ “වඳභාවය ඇති කළ හැකි ඖෂධ වෙළඳ පලේ නැති බවත්, අවශ්‍ය නම් එය නිපදවීමට අවශ්‍ය දැනුම ලෝකයට ඇති බවත්ය”..
මේ වීරයන් මේ මනස්ගාතය රට පුරා පැතිරෙන වෙලාවේ මේ කතාව නොකළේ ඇයි? මේ පිළිබඳව සත්‍ය පහදලා දෙන්න දැන්ද මතක්වුනේ? හරියට මේ ගොල්ලෝ අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ දොරවල් වහන්න ඇවිත් වගේ.
වෛද්‍යවරු, විද්‍යානුකූලව කුමන කාරණා කීවත්, මේ රටේ ඉන්න අමනොඥ රට කොටවන, පණ්ඩිත රටේ ඉන්න ගොඩ වෙද්දුන්ට අනුව නම්, ඔවුන් වඳ වී තිබෙන්නේ, වඳ පෙති නිසා බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ....
කියන්නට ගොඩාක් දේ ඇත, නමුත් තේරුමක් නැත.
මෙච්චර විනාශයක් වෙනකන් ඉඳල දැන්ද කොන්ද කෙලින් වුණේ? අනේ සාදු... මේ මිථ්‍යාව වැපිරුවේ දැන් අවුරුදු 2 ක විතර ඉඳලා. දොස්තර මාෆියාව නම් තාම බුදි, මහින්දගේ ඕඩර්ස් තාම ඇවිල්ල නැද්ද කොහෙද? මේ අය තමයි ගිලන් රථ සේවයටත් කකුලෙන් ඇද්ද කාලකණ්ණි. කාර් පර්මිට් එක නැති කරන්නකෝ, හොර නින්දෙන් ඇහැරෙන හැටි බලන්න.
වඩා ලාභ සාමාන්‍යයෙන් දරුවකු ස්වාභාවිකව ප්‍රසුති කිරීමද එහෙම නැතිව ඔපරේෂන් කර දරුවන් බිහිකිරීමද? යන ප්රශ්නය වගේ?
අනේ මේ බොරු මතය කොයි කාලේ ඉඳන්ද සමාජයේ පැතිරිලා තිබුණේ? මේ තරම් විනාශයක් වෙනකම් හිටියනේ... මෙයාලා ජනතාව දැනුවත් කරන්න.
ඔය ප්‍රශ්න ඇති වුනේ සිංහල හාලේ බත් කාලා නෙවෙයිනේ. ගෙදර උයන්නේ නැතිව කොත්තු කන්න ගිහිල්ල.
උගත් බුද්ධිමත් මහත්වරුනි මෙම මෝඩ මිනිස්සුන්ට කොපමන කිවත් සත්‍ය පිලි නොගනී
මේක ගැන කැගහපු අය කවදාවත් ඉස්කෝලෙක ගිහින් තියෙනවද ?
මෙම මාධ්‍ය හමුව අම්පාර සහ මහනුවර ජාතිවාදී කලබල ඇතිවීමට පෙර පැවත්වුයේනම් ජීවිත හා දේපල හානි වලක්වා ගන්න තිබුණා, පමාවී හෝ වඳ පෙති පිළිබඳව සමහරුන් දරණ මතය වෙනස්කිරීමට මෙම විද්වත් සභාව සමත් විය යුතුයි.
මෝඩයෝන්ට ඕව කියල වැඩක් නැහැ. අම්මට එච් අයි වී තියනවා කියලා කට කතාවට දරුවට මොකුත් නැහැයි කියලා වෛද්‍ය සහතිකේ තිබිලත් ඉස්කෝලයක් දෙන්නේ නැති අය ඉන්න රටේ.....
තවමත් කිසිවක් සොයානොබලා කටයුතු කිරීම අපේ ලාංකික සමාජයේ සිරිතකි. චුල්ල පදෝමහස්ති දේසනාව කියවන්න මොලේ පෑදෙන්න .
වඳ පෙති නොමැති වෙන්න පුළුවන්. ඒත් ආහාරවලට දැම්මේ මොනවාද යන්නයි මහජන සෞඛ්‍ය අංශ සෙවිය යුතු වන්නේ. ලංකාවේ හෝටල්, ආපන ශාලාවල අජිනමොටෝ ආහාර සදහාත්, ආප්ප මැලවීම වැලැක්වීම සඳහා ප්ලාස්ට් ඔෆ් පැරිස් එකතුකරනු ලබනවා. සිවිල් ඇඳුමෙන් සැරසී මේවා වැටලීම වගකිවයුතු අයගේ වගකීමයි. මෙහිදී විශේෂයෙන්ම අපගේ විද්වතුන්ටත්, ජනතාවටත් කිවයුතු දෙයක් තිබෙනවා. නවීන විද්‍යාවෙන් සොයාගෙන තිබෙන බොහෝ දේ නියතයන් නොවේ. ඒවා කළින් කළට වෙනස් වෙන්න පුළුවන්. ඒත් අවාසනාවකට බොහෝ දෙනා මෙය වටහාගෙන නැත. පුනරුත්පත්තිය සත්‍යයක් බව නවීන විද්‍යානුකුලව ලොව දියුණුම රටවල විද්වතුන් ඔප්පුකොට පෙන්නුවා. ඒත් ඒ අය බොදු අය නොවෙයි. ඒත් අපේ සමහර උගතුන් තමන්ගේ රටේ දෙය ගැන සිතන්නේ බාල්දුවට. පිටරට දේ මහා ඉහළින් අගය ගන්නවා. දියුණුම රටවල උගතුන් සිතන්නේ අපේ අයට වඩා වෙනස් විදීහට. ඔවුන් සිටින්නේ නිතරම දැනුම් පිපාසයෙන්.
කියන්නට ගොඩක් දේ ඇත. නමුත් තේරුමක් නැත. නවීන විද්‍යාවෙන් සොයාගෙන තිබෙන බොහෝ දේ ඇත. ඒවා කළින් කළට වෙනස් වෙන්න පුළුවන්. ඒත් අවාසනාවකට බොහෝ දෙනා මෙය වටහාගෙන නැත. ඔය ප්‍රශ්න ඇතිවුනේ සිංහල හාලේ බත් කාලා නෙවෙයිනේ. ගෙදර උයන්නේ නැතිව කොත්තු කන්න ගිහිල්ලා...