නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාව තුළ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසිම නාවික හමුදාවකට ඉඩදෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පූර්ණ හමුදා ඒකකයක් හම්බන්තොට වරාය තුළ ස්ථාපිත කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අග‍්‍රාමාත්‍ය කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත‍්‍රණයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කළ කතාවට අදාළවයි.
මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
‘‘චීන ජනාධිපති ෂී ජින්පිං සහ චීන අග‍්‍රාමාත්‍ය ලී කිචියාන් යන මහත්වරුන් සමග සාකච්ඡා කොට දෙරටටම වාසි සහාගත යෝජනාවක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව අග‍්‍රාමාත්‍යවරයා මෙම සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රකාශ කරන්නට යෙදිණ.
හම්බන්තොට වරාය යුදමය අරමුණු වෙනුවෙන් යොදාගත නොහැකි බව ශ්‍රී ලංකාව විසින් චීනය දැනුවත් කොට තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව දක්ෂිණ හමුදා මූලස්ථානය හම්බන්තොට වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටී. හම්බන්තොට වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් බියවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.
චීන හමුදා විසින් සිය කඳවුරු හම්බන්තොට ඉදි කළහොත් ඔබ කුමක් කරන්නේ දැයි වරක් ඇමරිකානු ජාතිකයෙක් ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ පූර්ණ හමුදා ඒකකයක් හම්බන්තොට ස්ථාපනය කර ඇති බවයි. බාහිර හමුදා මැදිහත්වීමක් සඳහා අප විරුද්ධ නොවන බවක් අගමැතිවරයා කිසිවිටෙක සඳහන් කර නොමැත. ශ්‍රී ලංකාවේ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසියම්ම නාවික හමුදාවකට හැකියාවක් නැතැයි එතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
හම්බන්තොට වරාය නොබෝ දිනකින්ම හම්බන්තොට සහ මොණරාගල යන මෙතෙක් සංවර්ධන අවධානය අඩුවෙන් යොමු කරන ලද දිස්ත‍්‍රික්කවල අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කරන වාණිජ වරායක් පමණක් වනු ඇත.’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
වෙන රටක බැංකු අධිපති කෙනෙකුට පුළුවන්...
දැනටමත් ලැගලා ඉන්නවද දන්නේ නැහැ. මොකද යටින් හා හා හා ... කියලා උඩින් අපෝ බැහැ කියන සූත්තර පුංචනේ.. හෙන 7 නොවේ හෙන 49 ක් රටට වැදුනත් කමක් නැහැ මම බලයේ ඉඳලා...
කියන විදියටම වැඩකරන අගමැතිනේ. දැනටමත් ස්ථාපිත කරලද දන්නේ නැහැ .
එතකොට වෙන රටක ජනපද පිහිටුවන්නත් බැරිද? මහා ලොකු ජනපද නෙමෙයි අක්කර 15000 ක් විතර පොඩි ජනපද ගැනයි මං කිව්වේ.
ණය මුදල් වලින් කොටසක් ඡන්දෙ වැඩවලට යොදා ගත්ත එක ගැන එක වචනයක් වත් කතා නොකරන්නේ කුමක් නිසාද?
අගමැතිතුමා, යන කාලය හරි නිසා මේකත් ඕන දෙයක් කරගනින් කියලා දීල දාන්න තියෙන්නේ. අගමැතිතුමනි, මෙච්චර කල් කරපු දේවල් දිහා බලපුවාම ඕවා මොනවද නේද? අනේ අම්මපා දවසකට හරි අදහන්න ඕනේ අපේ අගමැතිතුමා !!!
එහෙනම් දැනටමත් දීලා...
කලබල වෙන්න එපා අගමැතිතුමා, අද ලෝකයේ තියෙන කිසිම බලවත් රාජ්‍යයක් ලංකාවේ හමුදා කදවුරු දමන්නට එන්නේ නැහැ. වැඩිම වුනොත් "බංකරින්" සේවා සඳහා ලංකාවේ වරායවලට විදේශීය යුද නැව් එයි. එවැනි නැව් දැනටමත් කොළඹ වරායට පැමිණෙයි. අද බොහෝ දෙනෙක් දරන පුහු මතයක් නම්, කිසිම කටයුත්තක් සඳහා ලංකාවට වඩා යෝග්‍ය රටක් දකුණු ආසියාවේ නොමැතිය යන්නයි. සත්‍ය කරුණ නම්, වෙළඳ හා නාවික කටයුතු සඳහා දකුණු ආසියාවේ පමණක් නොව, පැසිෆික් කලාපයේත් ලංකාවට වඩා යෝග්‍ය රටවල් අද තිබීමයි.