බිඟුන් මේනක ගමගේ
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමට දැරූ බියගුලු තැත හෙලාදකින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ප්රගතිශීලී ලෝක නායකයන් ප්‍රජාතන්ත්‍රවාදීව හා ආර්ථිකව පරාජය කළ නොහැකි තැන අවසානයේදී ඝාතනය කිරීමට තැත් දැරීම අධිරාජ්‍යවාදී කුමන්ත්රණකරුවන්ගේ උපක්‍රමය යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්රගතිශීලී වාමාංශික ව්‍යාපාර සමඟ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ යැයි ද වමේ ජාත්‍යන්තර සහයෝගීතාවය සිය පැතුම යැයි ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
මට විතරද මන්දා මේවා අහලා හිනා යන්නේ?
වෙනිසියුලා ජනපති කියන්නේ තමන්ගේම මිනිස්සුන්ව තලාපෙලන අමන ඒකාධි පතියෙක්, මේ බොරු ඝාතන විහිලුව එයාගෙම සැලසුමක්, විරුද්ධ වන අය විනාශ කිරීමට.
එතකොට මේ UNP එකත් ප්රගතිශීලී වාමාංසික ව්‍යාපාරයක්ද ?
එතකොට ඕගොල්ලෝ 89 කාලේ මරපු නායකයොයි මිනිස්සුයි වලෙන් නැගිටලා ඇවිල්ලද ඒවා හෙලා දකින්න ඕනේ?
වෙනිසියුලාව අගාදයටම ගිහින් තියෙන්නේ ඒ රටේ කොමුයුනිස්ට් පාලකයෝ නිසා... මෙයාලට තියෙන කැක්කුම බලන්න කෝ!
පිටිගල, නෑ.... නෑ... ඔයාට විතරක් නොවේ මගෙත් හිනාව උතුර උතුරා වාන් දමනවා....
වෙනිසියුලාවේ ඕනේ දෙයක් වුනාවේ මන්ත්‍රීන්ගේ පඩි වැඩි වීමට විරුද්ධ වෙන්න