
(නිමල කොඩිතුවක්කු)
වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබාදීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් 1992 දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් වන පැමිණිලි මෙම කෙටි ඇමතුම් අංකය වෙත ඉදිරිපත් කළ හැකි බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලය ඇති අය පාර්ලිමේන්තුවේ ඉඳන් වනාන්තර විනාශ කරනකොට රටේ සාමාන්‍ය කෙනෙකුට ඔය දුරකථන අංකයට කතා කරලා මොන කෙංගෙඩියක්ද කරන්න පුළුවන්..?
පැමිණිලි කරන්න දුරකථන අංක නම් ජනාධිපතිගේ ඉඳල හැම තැනකම තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ පැමිණිල්ලට ප්‍රතිපලයක් නැති කමයි.
විවිධ දෙපාර්තමේන්තු ආයතනවලින් දන්නවානම් කියා දෙන්න ඔය එක ආයතනයක්වත් කතාකලාට අදාළ අය උස්සන්නේවත් උත්තර දෙන්නේවත් නැත.
එතකොට ඒක මහජනතාවගේ ඩියුටි එකක් බවට පත්වෙලාද දැන්? කිව්වොත් වැඩේ නවත්තලා අපරාධකාරයන්ව අත්අඩංගුවට ගන්නවා කියපු නැනින්... විහිළු සැපයීම නවත්තනවාද කරුණාකරලා..? ඊට පස්සේ කියනවද පහුගිය මාස කිහිපය ඇතුලේදී කරලා තියෙන හානියට ගත්තු පියවර මොකක්ද කියලා..? මාධ්‍ය සංදර්ශන තියලා.. එක අපරාධයක් නෙමෙයි, රක්ෂිතයේ කොටසක් නෙමෙයි, සංවර්ධනයේ නාමයෙන් කරපු සත් ක්‍රියාවක්... වගේ කතා කියනවට අමතරව?
රූපවාහිනියේ, කොච්චර පෙන්නුවත් වැඩක් නැති දේවල් දුරකතනයෙන් කිව්වොත් අහයිද මේ ආණ්ඩුව.?
මේක කතා කරලාත් පලක් නැත්නම් කාටද කියන්නේ