(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද (27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.
මොහු 61 හැවිරිදි චීන ජාතිකයෙක් වන අතර .ඔහු මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකු බවද රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.
සවස 6.00 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු හැද සිටි කලිසම් සහ කමිස සාක්කු වල රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය හතලිස් තුනයි , ශත තිස් තුනක් (1,34,72,643.33) ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 74,300 ක් , යූරෝ 8,400 ක් සහ ස්ටර්ලිං පවුම් 350 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .
මීට අමතරව ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ වූ කුඩා පෙට්ටි වැනි ඇසුරුම් තුළ විශාල මැණික් ගල් තොගයක් ද තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර මැණික් තොගයේ වටිනාකම තක්සේරු කර නොමැති අතර , ඒවායේ වටිනාකම ද විශාල අගයක් වනු ඇතැයි සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු ලංකාවට ඇවිල්ලා කරන තරමක් කරන්නේ රටට අයහපත් දේවල් ගොළු බෙල්ලෝ ,සමනල්ලු , පනුවන් විනාස කරන අතරම තවත් අපරාධ කරනවා. කාට කියන්නද ?